Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Who. Show all posts

WHO request assists for corona research from chinaළිත් කොරෝනා වසංගත තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා අමෙරිකාව සිදු කරන පරීක්ෂණවල දෙවන අදියරට සහාය දෙන්නැයි අමෙරිකාව චීනයෙන් ඉල්ලා සිටිනවා. වෛරසයේ ප්‍රභවය සොයා සිදු කරන පරීක්ෂණ වල දෙවන අදියර නුදුරු දිනකදීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

මේ වන විට නව කොවිඩ් ‍රැල්ලක් ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගෙන ඇති බැවින් සැබෑ වසංගත තත්ත්වය තවමත් ආරම්භ වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. 

who-warning-srilanka-urgent-need-country
කොවිඩ් -19 ආසාදිතයින්ගේ වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් දරුණු අතට පත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්. 

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ රෝහල්ගත කිරීමේ වැඩි වීමක් පවතින බව ඔහු පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන බවයි ඔහු පවසන්නේ. 

සායනික කළනාකරණ  මාර්ගෝපදේශ මාලාවේ කරුණු සංශෝධයනට ලක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (26) නවතම නිර්දේශයක් නිකුත් කර තිබෙනවා.

එම නිර්දේශයන්ට අනුව,

කොවිඩ් මර්දනය කිරීම සඳහා යොදා ගැනෙන ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතයට සුදුසුබවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කර තිබෙනවා. රටවල්වලට එන්නත ආනයනය කිරීම සහ අනුමත කිරීමේ ක්‍රියාවලින් කඩිනමින් සිදු කිරීමට මෙමඟින් හැකිවනු ඇති බවට අපේක්ෂා කරනවා. 

ව කොරෝනා වෛරසය උණුසුම්, ශීතල, තෙතමනය ඇතුළු ඕනෑම දේශගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශක පැතිර යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පැතිර යන කොරොනා වෛරසයට ගොඳුරු වීමෙන් වැළකීසිටීමට නම් කුමන දේශගුණික ප්‍රදේශයක සිටියත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු බව එම සංවිධානය පවසා සිටිනවා. 

ව කොරෝනා ආසාදිතයින් වාර්තාගත මට්ටමකින් ඉහළ යාමක් පෙන්නුම්කරන බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය 284,196ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. 

අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

https://www.gossiplanka.com/2020/07/america-reject-who.html
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ යැයි චෝදනා කරමින් එයට ලබා දෙන අරමුදල් කප්පාදු කරන බවට පසුගියදා අමෙරිකාව ප්‍රකාශ කර තිබුණා. එයින් නතර නොවුණ අමෙරිකාව දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට තීරණය කර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/07/corona-risk-who-statement.html
බොහෝ රටවල් ඔවුන්ගේ දෛනික ක්‍රියා සඳහා විවෘත වීමත් සමඟම කොවිඩ් -19 වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානම තවත් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එහි ප්‍රධානී Tedroa Ghebreyesus කියා සිටින්නේ ගෝලීය වශයෙන් වෛරසය පාලනයට බොහෝ රටවල් ප්‍රගතියක් ලබා තිබුණත් වෛරසයේ ව්‍යාප්ත්ය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවයි.

https://www.gossiplanka.com/2020/06/who-statement-about-corona.html
1918 දී ලොව පුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ හේතුවෙන් මිලියන 50කට අධික පිරිසක් මිය ගියා. එම වෛරසය ව්‍යාප්ත වූ ආකාරයටම නව කොරෝනා වෛරසය ද ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රානේරි ගුවේරා ප්‍රකාශ කරනවා.

https://www.gossiplanka.com/2020/06/brasil-reject-who.html
ලෝක සෞඛ්‍ය සංවිධානය පක්ෂග්‍රාහී දේශපාලන සංවිධානයක් බව පවසමින් බ්‍රසීලය එම සංවිධානයෙන් ඉවත්වන බවට එරටේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ තර්ජනය කට තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රසීලයට අනතුරු අඟවමින් කියා ඇත්තේ නව කොරෝනා වෛරසය පහව යාමට පෙර එරටෙහි අගුළු විවර කිරීම ඉතා අවදානම් බවයි. මෙයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා එලෙස තර්ජනය කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරී යාම ආරම්භ වූ දින සිට ගත වූ පැය 24 දක්වා වැඩිම ආසාධිතයන් ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තා වී ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසනවා.

ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරීමට නම් තවත් වසර 4ක් හෝ 5ක් ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියක් වන සෞම්‍යා සුදර්ශනී ප්‍රකාශ කර තිබෙනවා.

ඇය පෙන්වා දෙන්නේ වෛරසය මැඩලීමට සුදුසු එන්නතක් නිපදවීමට ලොව පුරා විද්‍යාඥයින් වෙහෙසෙමින් සිටියත් ඒ සඳහා මෙතෙක් නිශ්චිත දිනයක් නොමැති බවයි.

ව කොරෝනා වෛරසය තවදුරටත් වසංගතයක් ලෙස නොසලකා සමස්ථ ලෝකයම වෛරසය පාලනය කිරීමේ ඉතා වැදගත් ස්ථානයකට යා යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සීනු නාද කිරීමට පෙර මේ සම්බන්ධයෙන් තව බොහෝ දුරක් යා යුතු බවයි.

කොරෝනා වෛරසය පාලනය සඳහා නිවසේ රැඳී සිටීමේ සිමාවන් සහ වෙනත් සිමාවන් ඉවත් කර ඇති ඇතැම් රටවලට මේ සති අන්තයේ කොරෝනා ආසාධිතයන් ගණන වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසනවා.

ඊයේ (11) ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ.

කොරෝනා වෛරසයට එරෙහිව නිසි ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සුපුරුදු ජිවන ක්‍රමයෙන් බැහැරව සිටීමට ලොව සියලු දෙනාටම සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සේවා හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසුවේ කොරෝනා වෛරස් එන්නතක් නිපදවන තෙක් ලොව පුරා ජනතාවගේ ජීවිත “සැලකිය යුතු වෙනස් කිරීමකට” සිදුවෙනු ඇති බවයි.

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තාවන කොරොනා වෛරස් ආසාදිත මරණ 25,000 ඉක්මවා තිබෙන අතර රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් අමෙරිකාවෙන් වාර්තා වූ මරණ ගණන 2129ක්.මෙය ද්නකදී රටක් තුල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා.  

gossip lanka about who advice
ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා බොහෝ රටවල් මේ වන විට වසා දමා ජනතාව නිවෙස්වලට සීමා කිරීමට පෙළඹී සිටිනවා. මෙම පනවා ඇති නියෝග ඉවත් කරමින් යම් හෙයකින් මොනයම් හෝ රටක් ක්‍රියා කලහොත් එය නුවණට හුරු ක්‍රියාවක් නොවන බවයි ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom ප්‍රකාශ කර සිටින්නේ. 

world gossip
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී වෙමින් තොරතුරු වසන්කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් බොහෝ කරුණු සඟවා ඇති බවයි අමෙර්කා ජනාධිපතිවරයා චෝදනා කරන්නේ. 

චීනයේ කොරෝනා වෛරසය පැතිර යාම සීඝ්‍රයෙන් සිදු වෙද්දී චීනයට සංචාරක තහනමක් පැනවීම අවශ්‍ය වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානය එය අත්‍යාවශ්‍ය නොවන බවට මුල සිටම ප්‍රකාශ කර සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා මිලේච්ජ ලෙස ක්‍රියා කර ඇති බවයි ඩෝනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස.

lanka lates news gossip
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කල බවට චීනයට මේ වන විට චෝදන එල්ලවෙමින් පවතිනවා. ඔවුන්ට එසේ චෝදනා එල්ල වන අතරම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය  දැක්වූ ප්‍රතිචාර ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිසි ලෙස මැදිහත් නොවූ බවට ද චෝදනා එල්ල වනවා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රියස්ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නොයෙක් බලපෑම් එල්ලවන බවයි වාර්තා වන්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page