gossiplanka alexa කොරෝනා වෛරසය පිළිබඳ මිථ්‍යාවන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිළිතුරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය පිළිබඳ මිථ්‍යාවන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිළිතුරක්

ව කොරෝනා වෛරසය උණුසුම්, ශීතල, තෙතමනය ඇතුළු ඕනෑම දේශගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශක පැතිර යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පැතිර යන කොරොනා වෛරසයට ගොඳුරු වීමෙන් වැළකීසිටීමට නම් කුමන දේශගුණික ප්‍රදේශයක සිටියත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු බව එම සංවිධානය පවසා සිටිනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් කියා සිටින්නේ නව කොරෝනා වෛරසයට කුමන දේශගුණයක් පවතින ප්‍රදේශයක වුවද නොනැසී පැවතීමට හැකියාව ඇති බවයි. 

එම සංවිධානයේ නිර්දේශය වී තිබෙන්නේ සබන් හෝ විෂබීජ නාශක දියරයක් යොදා දෑත් පිරිසිදු කිරීම, සෑම විටම දෑත් පිරිසිදුව තබා ගැනීම,  දෑස්, නාසය හා මුඛය ස්පර්ශ කිරීමට පෙර සෑම විටම දෑත් සේදීම ආදී සෞඛ්‍ය පිළිවෙත් සිදු කිරීමෙන් නව කොරනා වෛරසය ශරීරගතවීම වළක්වා ගත හැකි බවයි.

බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන්ගෙන් මිනිසාට නව කොරෝනා වෛරසය ආසාදනය වන බවට මෙතෙක් සාක්ෂි නොලැබී ඇති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතැම් පුද්ගලයින් විශ්වාස කරන පරිදි උණු ජලය පානය කිරීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීමට හෝ එම ආසාදනය සුව කිරීමට නොහැකි බවත් සඳහන් කර සිටිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu