වායු දූෂණය උග්‍ර වෙයි: යාපනය 200ට ඉහළින්; සෞඛ්‍ය අංශවලින් දැඩි අනතුරු ඇඟවීම්.

යාපනය ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවා ගොස් ඇති බවත්, කොළඹ ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පත්ව ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරයි.

අද (19) උදෑසන 7.05ට නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව, ප්‍රධාන නගර කිහිපයක වායු ගුණාත්මක දර්ශක අගයන් පහත පරිදි ඉහළ මට්ටමක පැවතුණි:

  • යාපනය: 200 ඉක්මවා ඇත (ඉතා අහිතකර මට්ටමකි)

  • බත්තරමුල්ල: 179

  • හලාවත: 165

  • කිලිනොච්චිය: 158

  • අනුරාධපුරය: 158

  • ත්‍රිකුණාමලය: 151

මීට අමතරව කොළඹ සහ අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවල ද වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බව එම අධිකාරිය පෙන්වා දෙයි.

ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු සහ ආරක්ෂිත පියවර: වායුගෝලයේ අහිතකර අංශු ඉහළ යාමත් සමඟ ඇදුම (Asthma) ඇතුළු ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග උත්සන්න වීම, හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස, උගුරේ වේදනාව සහ ඇස් දැවිල්ල වැනි සෞඛ්‍ය ගැටලු ඇති වීමේ අවදානමක් පවතී.

විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන්, ගර්භණී මව්වරුන් සහ හෘද හෝ පෙනහළු රෝගවලින් පෙළෙන පුද්ගලයින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. එළිමහනේ සිදු කරන වෙහෙසකර ක්‍රියාකාරකම් සීමා කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී මුඛ ආවරණ (Face masks) පැළඳීම සෞඛ්‍ය ආරක්ෂාවට වඩාත් සුදුසු වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu