අයහපත් කාලගුණයත් සමඟ ධීවර හා නාවික ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්


පවතින පීඩන අවපාත තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, අද (14) උදෑසන 5.30 සිට යළි දැනුම්දෙන තුරු අදාළ කලාපවල මෙහෙයුම්වලින් ඉවත් වන ලෙස කාලගුණ විද්‍යා අංශ දන්වා සිටියි.

අදාළ වන මුහුදු කලාප:

උතුරු අක්ෂාංශ 05 සහ 15 අතර මෙන්ම නැගෙනහිර දේශාංශ 80 සහ 90 අතර පිහිටි මුහුදු සීමාවන්.

කන්කසන්තුරේ සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා විහිදෙන වෙරළබඩ සහ මුහුදු ප්‍රදේශ.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ ස්වභාවය හමුවේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu