මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යා හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා පවසනවා.
එසේම ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් ඉදිරි කාලයේ දී ලංකාවට ආනයනය කරන ඉන්ධනවල මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
යුද ගැටුම් හේතුවෙන් ඇතැම් විටක තෙල් සැපයුම බිඳවැටිය හැකි බවත් මේ හරහා මෙරට තේ සහ ඇඟළුම් අපනයනයට බාධා එල්ල විය හැකි බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.