ඉරාන-ඊශ්‍රායලය සටන් විරාමය

ටාර් රාජ්‍යයේ ස්ථාපනය කර ඇති අමෙරිකානු කඳවුරුවලට තමන් සාර්ථක ප්‍රහාරයන් සිදු කල බවත් එම සාර්ථක ඉරාන ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් පැනවූ බවත් ඉරාන රාජ්‍ය රූපවාහිනී නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. 

එම නිවේදනයේ ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ ට්‍රම්ප් සටන් විරාමයක් සඳහා යාචනා කළ බවයි. 

මේ අතර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මධ්‍යයේ සටහනක තබමින් "සටන් විරාමය දැන් ක්‍රියාත්මකයි. කරුණාකර එය උල්ලංඝනය නොකරන්න!" යනුවෙන් පවසා තිබෙනවා. 

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම සටන් විරාම යෝජනාව ඊශ්‍රායලය විසින් ප්‍රසිද්ධියේ පිළිගෙන නොමැති බවයි. 

හදිසි ගුවන් ගමන් ඇතුළුව සියලුම මගී ගුවන් යානා සඳහා ඊශ්‍රායල ගුවන් සීමාව වසා දැමීමට ද ඊශ්‍රායලය විසින් පියවර ගෙන තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu