දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය යළි විවෘතයි - දුම්රිය කාල සටහන

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වන දුම්රිය ධාවන කටයුතු අද (02) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මෙම දුම්රිය මාර්ගයේ සිදු වූ දැඩි හානි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමඟ එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර, මේ වන විට එම මාර්ගය ආරක්ෂිතව දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත් කර ඇති බව සඳහන්.

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් රඹුක්කන – ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103ක් හානියට පත්ව තිබූ අතර, ඉන් ස්ථාන 36ක විශාල ප්‍රමාණයේ නායයෑම් සිදුව තිබුණි. මීට අමතරව, දුම්රිය මාර්ගය සේදී යාම සහ පස්කඳු කඩා වැටීම හේතුවෙන් තවත් ස්ථාන 67ක් හානියට පත්ව තිබිණි.

රඹුක්කන – කඩුගන්නාව දුම්රිය මාර්ගය යනු දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග පද්ධතියේ වැඩිම ආනතියක් සහිත මාර්ග කොටස් අතරින් එකක් වීම, එම ප්‍රදේශ වෙත ළඟාවීම සඳහා විකල්ප සැපයුම් මාර්ග නොමැති වීම, අයහපත් කාලගුණික තත්ත්වය මෙන්ම අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය දුම්රිය මගින්ම ප්‍රවාහනය කිරීමට සිදුවීම වැනි අභියෝග රාශියක් මධ්‍යයේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කර තිබේ.

එමෙන්ම, ඉදිරියේදී පේරාදෙණිය සිට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුද කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

අද (02) සවස් වරුවේ සිට ක්‍රියාත්මක වන නව දුම්රිය කාලසටහන

කොළඹ කොටුව සිට පේරාදෙණිය – ගම්පොළ අතර සාමාන්‍ය දුම්රිය කාලසටහන අද (02) සවස් වරුවේ සිට ක්‍රියාත්මක වන අතර, ප්‍රධාන දුම්රිය ධාවන කාලසටහන් පහත පරිදි වේ:

නගරාන්තර සහ විශේෂ දුම්රිය ගමන් වාර:

දුම්රිය අංක 1029 (2026/10/02 සිට දිනපතා): කොළඹ කොටුවෙන් (ප.ව. 03.35) පිටත්ව පේරාදෙණියට (ප.ව. 05.56) ළඟාවේ.

දුම්රිය අංක 1030 (2026/10/03 සිට දිනපතා): පේරාදෙණියෙන් (පෙ.ව. 06.25) පිටත්ව කොළඹ කොටුවට (පෙ.ව. 08.44) ළඟාවේ.

දුම්රිය අංක 1035 (2026/10/02 සිට දිනපතා): කොළඹ කොටුවෙන් ප.ව. 04.35ට පිටත්ව, මරදාන (ප.ව. 04.40), අලව්ව (ප.ව. 05.46), පොල්ගහවෙල (ප.ව. 05.56), රඹුක්කන (ප.ව. 06.10) සහ පේරාදෙණිය (ප.ව. 07.17) හරහා ගම්පොළට (ප.ව. 07.51) ළඟාවේ.

දුම්රිය අංක 1040 (2026/10/03 සිට දිනපතා): ගම්පොළින් පෙ.ව. 04.35ට පිටත්ව, පේරාදෙණිය (පෙ.ව. 04.56), රඹුක්කන (පෙ.ව. 06.21), පොල්ගහවෙල (පෙ.ව. 06.34), අලව්ව (පෙ.ව. 06.45) සහ මරදාන (පෙ.ව. 07.59) හරහා කොළඹ කොටුවට (පෙ.ව. 08.06) ළඟාවේ.

දුම්රිය අංක 1037 (2026/10/02 සිට දිනපතා):** කොළඹ කොටුවෙන් ප.ව. 05.15ට පිටත්ව, මරදාන (ප.ව. 05.20) සහ රඹුක්කන (ප.ව. 06.48) හරහා පේරාදෙණියට (ප.ව. 07.53) ළඟාවේ.

දුම්රිය අංක 1038 (2026/10/03 සිට දිනපතා):** පේරාදෙණියෙන් පෙ.ව. 04.40ට පිටත්ව, රඹුක්කන (පෙ.ව. 05.43) සහ මරදාන (පෙ.ව. 07.06) හරහා කොළඹ කොටුවට (පෙ.ව. 07.12) ළඟාවේ.

පොඩි මැණිකේ දුම්රිය (අංක 1005/1006) – 2026/10/03 සිට දිනපතා:

කොළඹ කොටුව සිට: පෙ.ව. 05.55ට පිටත්ව, පේරාදෙණියට (පෙ.ව. 08.34) සහ ගම්පොළට (පෙ.ව. 09.06) ළඟාවේ.

ගම්පොළ සිට:ප.ව. 04.10ට පිටත්ව, පේරාදෙණිය (ප.ව. 04.31) හරහා කොළඹ කොටුවට (ප.ව. 07.23) ළඟාවේ.


---

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu