කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කටාර් හි සිටින ශ්‍රී ලාංකිකයින් වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහිදී තානාපති කාර්යාලය කටාර් හි සිටින සියළු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් ය.
එසේම රජය සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන උපදෙස් නිසියාකාරව පිළිපඳින ලෙසත් එම නිවේදනයේ සඳහන්.
+9471182587 අංකයට ඔස්සේ ඕනෑම හදිසි අවස්ථාවකදී සම්බන්ධ විය හැකි බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.