කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය, ලෙබනනය සහ ජෝර්දානය යන රටවල් එලෙස ගුවන් කලාප තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
කෙසේ වෙතත් එලෙස වසා දැමුණු සිය ගුවන් කලාපය මේ වන විට විවෘත කර ඇති බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් කටාර් ගුවන් සේවය සහ කුවේට් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ජසීරා ගුවන් සේවය සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවා ඇති බවයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත සහ කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ගුවන් තොටුපොළ වෙත සිදු කෙරෙන ජසීරා ගුවන් ගමන් මෙහෙයුම් මෙලෙස අත්හිටුවා තිබෙනවා.
නමුත් අනෙකුත් මැදපෙරදිග සහ යුරෝපයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා සාමාන්‍ය පරිදි පැමිණෙමින් සිටින බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.