ශ්‍රී ලංකාවේ රියැදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (Driver Demerit Points System)

ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට අනුව, රථවාහන වැරදි කරන සියලු ම රියැදුරන් සඳහා රියැදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (Driver Demerit Points System) ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් සඳුදා (සැප්තැම්බර් 28) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය. මෙහි නියමු ව්‍යාපාතිය 2026 ඔක්තෝබර් 01 වන දින සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

1. පළමු මාස 6 තුළ ක්‍රියාත්මක වන ආකාරය (නියමු ව්‍යාපෘතිය)

කාලසීමාව: ඔක්තෝබර් 01 වන දා සිට ගත වන මාස 6ක කාලය.

අරමුණ: රියැදුරන් දැනුවත් කිරීමත්, මෙම ආරක්ෂිත ක්‍රමවේදය සමඟ අනුගත වීමට කාලය ලබා දීමත්.
සහභාගී වන ආයතන: ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොලීසිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, Lanka Pay ආයතනය සහ Gov Tech ආයතනය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරයි.අධිවේගී මාර්ග හා මහාමාර්ගවල ධාවනයේ යෙදෙන සියලු ම රියැදුරන් ඉදිරි මාස 6 තුළ මෙම ක්‍රමවේදය සමඟ අනුගතවීම අත්‍යවශ්‍ය වේ.

2. මාස 6කින් පසු ක්‍රියාත්මක වන ආකාරය

2027 මාර්තු මස සිට රියැදුරන් සඳහා මෙම අකුසලතා ලකුණු ක්‍රමවේදය නිත්‍ය ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙම ක්‍රියාවලිය රථවාහන වැරදි 33ක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ක්‍රමවේදයට අදාළ1726/12 දරන ගැසට් පත්‍රය 2011 ඔක්තෝබර් 05 වන දා නිකුත් කර තිබිණි.

3. යෝජිත ක්‍රමවේදය සහ ලකුණු ලබා දීමේ නීති

සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක් සඳහා: මාස 24ක් ඇතුළත රියැදුරු අභිවෘද්ධි ලකුණු 24ක් ලබාගතහොත්, අදාළ ගැසට් නිවේදනයට අනුව (2013 වර්ෂයේ සැලසුම් කළ පරිදි) රියැදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ.

අනතුරු ඇඟවීම්: ලකුණු 18ට වැඩි සහ 23ට අඩු සංඛ්‍යාවක් ලබා ගත් විට මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ රියැදුරුට අනතුරු ඇඟවීමේ ලිපියක් යවනු ඇත.

බලපත්‍රය අවලංගු වීම: ලකුණු 23 ඉක්මවූ විට රියැදුරු බලපත්‍රය අවලංගු වේ.


ලකුණු අඩුවීම හා අහෝසි වීම:

* මාස 24ක් ඇතුළත අභිවෘද්ධි ලකුණු 24ට අඩු ප්‍රමාණයක් ලබා ඊළඟ අවුරුද්ද තුළ අභිවෘද්ධි ලකුණු ලබා නොගතහොත්, එම ලකුණුවලින් 06ක් අඩු කරනු ලැබේ.

* ඉන්පසු එළඹෙන අවුරුද්දේ ලකුණු තවදුරටත් නොලබා සිටියහොත්, ඊළඟ වසරේ ඔහුගේ සියලු ම අභිවෘද්ධි ලකුණු අහෝසි කෙරේ.


පරිවාස කාලය: සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක පරිවාස කාලය තුළදී අභිවෘද්ධි ලකුණු 06ක් ලබාගතහොත් පරිවාස කාලය තවත් වසරකින් දීර්ඝ කෙරේ. 06ට වැඩියෙන් ලබාගත් විට බලපත්‍රය අවලංගු වන අතර, නැවත රියැදුරු බලපත්‍රයක් ලබාගත යුතු ය.


රියැදුරු උපදේශක බලපත්‍ර සඳහා:

මාස 24ක් ඇතුළත අභිවෘද්ධි ලකුණු 12ක් ලබා ගතහොත් උපදේශක බලපත්‍රය මාස 12කට අත්හිටුවනු ලැබේ.

වසර 4ක් ඇතුළත අභිවෘද්ධි ලකුණු 24 බැගින් ලබා රියැදුරු බලපත්‍රය අත්හිටු ලැබුවහොත් එම උපදේශක බලපත්‍රය අවලංගු කරනු ඇත.

4. රථවාහන වැරදි සහ ඊට අදාළ ලකුණු

රියැදුරු අභිවෘද්ධි ලකුණු ක්‍රමවේදය අනුව ලකුණු ලබා දෙන රථවාහන වැරදි 33ක් නම් කර ඇති අතර, 1726/12 අංක දරන ගැසට් පත්‍රයේ සඳහන් වැරදි සහ ඊට අදාළ ලකුණු පහත පරිදි වේ:

*මහා මාර්ගයක රිය අනතුරක් වළක්වා ගැනීමට පියවර ගැනීමට අපොහොසත් වීම - ලකුණු 06 

*මහා මාර්ගයක අනාරක්ෂිත ලෙස හෝ අනතුරුදායක ලෙස මෝටර් රථයක් ධාවනය - කිරීම ලකුණු 08 

*මහා මාර්ගයක අනතුරුදායක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කිරීම - ලකුණු 08 

*මහා මාර්ගයක රිය අනතුරක් සිදු වී ඇති අවස්ථාවක වාහනය නතර කිරීම පැහැර හැරීම - ලකුණු 10 

*අනතුරක් පිළිබඳ පොලිසියට දැනුම් දීම පැහැර හැරීම - ලකුණු 10 

*මහා මාර්ගයක නියමිත වේග සීමාව ඉක්මවා රිය පැදවීම - ලකුණු 06 

* මාර්ගයේ වම් පැත්තෙන් අනාරක්ෂිත ලෙස හෝ අනතුරුදායක ලෙස රිය පැදවීම -  ලකුණු 02 

*මාර්ගයේ ඉදිරිය පැහැදිලිව දර්ශනය කර ගැනීමෙන් තොරව වෙනත් වාහනයක් පසු කර රිය පැදවීම - ලකුණු 06 

*වෙනත් වාහනයක් පසුකර යන විට එම වාහනයේ ගමනට බාධා වන අන්දමින් රිය පැදවීම - ලකුණු 04 

*අවහිර කිරීම් හෝ මාර්ග නීතිවලට පිටුපාමින් රිය පැදවීම හෝ නවතා තැබීම - ලකුණු 04 

*පොලිස් නිලධාරියකු හෝ වාහන පරීක්ෂකවරයෙකු විසින් දෙන ලද විධාන හෝ සංඥාවලට අනුකූල නොවීම - ලකුණු 04 

*තහනම්, සීමා, අනතුරු සහ ප්‍රවේශක සංඥා පිළිබඳ නියෝග කඩ කිරීම - ලකුණු 06 

*නියමිත ප්‍රමිතිය ඉක්මවන ශබ්ද හෝ විමෝචන සහිත වාහනයක් භාවිත කිරීම - ලකුණු 06 

*නියමිත ප්‍රමිතියට වඩා විමෝචන සහිත වාහනයක් භාවිත කිරීම - ලකුණු 06 

*නියමිත ප්‍රමිතිය ඉක්මවන ශබ්ද මට්ටම් සහිත වාහනයක් භාවිත කිරීම හෝ භාවිත කිරීමට ඉඩ දීම - ලකුණු 06

*නියමිත ප්‍රමිතිය ඉක්මවන ශබ්දයක් නිකුත් කරන වාහනයක් භාවිත කිරීම - ලකුණු 06 

* මාර්ගයේ හෝ මාර්ගයට යාබද පුද්ගලයෙකුට, දේපළකට හෝ වාහනයකට අනතුරක් හෝ හානියක් ඇති කළ හැකි තත්ත්වයකින් යුත් වාහනයක් පැදවීම - ලකුණු 10 

*රියැදුරු හෝ ඉදිරිපස මගියා ආසන පටිය (Seat Belt) පැළඳ ඇති බවට වග නොබැලීම - ලකුණු 03 

*වංගු, කඳු, පාලම්, මංසන්ධි, පදික මාරු, වාහන ඉස්සර කිරීම තහනම් ප්‍රදේශ ආදී ස්ථානවල වාහන ඉස්සර කිරීම - ලකුණු 04

*පදිකයෙකු පදික මාරුවේ සිටියදී වාහනය නවතා ඉඩ නොදීම - ලකුණු 06

*මෝටර් සයිකලයක නියමිත සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන යාම හෝ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ගමන් කිරීම - ලකුණු 04

*රිය පදවන අතරතුර දුරකතන හෝ සන්නිවේදන උපකරණ භාවිත කිරීම - ලකුණු 04 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu