තිලීපන් පිළිරුව පිටුපස දේශපාලන නාටකය - අර්චුනාගෙන් දැඩි ප්‍රහාරයක්

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ඉදිකරන ලද තිලීපන් ප්‍රතිමාව සඳහා ලබා දී ඇත්තේ තාවකාලික අවසරයක් පමණක් බවත්, උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් දෙමළ ඡන්ද පදනම අල්ලා ගැනීමේ අරමුණින් මෙම කටයුතු හරහා ‘සීතල යුද්ධයක්’ ගෙන යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පවසා තිබෙනවා.

වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එහිදී උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.
නල්ලූර් හි පිහිටුවන ලද මෙම පිළිරුව සඳහා තාවකාලික අවසරය ලබා දී ඇත්තේ යාපනය නගර සභාවේ බලය හොබවන එම්.ඒ. සුමන්දිරන්ගේ නායකත්වයෙන් යුත් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය විසිනි. එසේම, මෙම ප්‍රතිමාව ඉදිකර උත්සවය සංවිධානය කර ඇත්තේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ කොංග්‍රසය (ACTC) මඟිනි. උතුරේ ඡන්ද ලබා ගැනීම සඳහා මෙම දෙමළ පක්ෂ අතර දැඩි තරඟයක් පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
ජනාධිපති අනුර දිසානායක දකුණේ ජනතාව මුළා කිරීම සඳහා බෙදුම්වාදයට විරුද්ධ බව පෙන්වමින් ප්‍රතිමාව ඉවත් කරන ආකාරයක් ප්‍රදර්ශනය කළද, සැබවින්ම සිදුවී ඇත්තේ නියමිත සැමරුම් කාලය අවසන් වීමෙන් පසු එය ස්වේච්ඡාවෙන් ඉවත් කර ගැනීම පමණක් බව අර්චුනා රාමනාදන් සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා මේ ආකාරයට දිගින් දිගටම ජනතාව රැවටීමට උත්සාහ කරනවාට වඩා අනුරාධපුර දුම්රිය ස්ථානයේ හිඟාකෑම මීට වඩා නම්බුකාර බව ඔහු සිය වීඩියෝව හරහා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu