gossiplanka alexa ඔමික්‍රෝන් නිසා ඉන්දියාව බැරෑරුම් තත්ත්වයක, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් නිසා ඉන්දියාව බැරෑරුම් තත්ත්වයක, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

මික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා ඉන්දියාව ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මාස 7කට පසුව ඉන්දියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඊයේ (08) දිනයේ දී හඳුනාගත්තා. ඒ 147,814ක්. 

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් වැඩි බලපැමක් එල්ල වී ඇති අතර ආසාදිතයින් ප්‍රමාණය වැඩි වීමත් සමඟ ඔක්සිජන් සඳහා ඉල්ලුම වැඩි වුවහොත් හෝ කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල් ඇඳන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට සිදු වුවහොත් ප්‍රාන්තය අගුළු දැමීමට සිදුවන බවයි බලධාරීන් සඳහන් කර ඇත්තේ. 

ඕස්ට්‍රේලියාවේ ද ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. දෛනිකව වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන ඉතා වැඩි අතර ඊයේ පළමුවරට ලක්ෂය ඉක්මවා රෝගීන් වාර්තා වුණා. වික්ටෝරියා ප්‍රාන්තයට ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර 17 වනදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු  විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද වික්ටෝරියා ප්‍රාන්තයේය. 

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය දරුණු ප්‍රභේදයක් නොවේ යැයි අර්ථ ගැන්වීමෙන් තම සංවිධානය වරදක් සිදු කල බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ලොව මිනිසුන් මිය යාමේ පසුබිමකයි එම සංවිධානය මෙම ප්‍රකාශය කර ඇත්තේ. 

එය ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරනු ඇති බවත් ඔමික්‍රෝන් සුනාමියට සූදානම් වන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu