gossiplanka alexa ආරක්ෂිත තොග පවත්වාගැනීමට මියන්මාරයෙන් සහල් ආනයනය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආරක්ෂිත තොග පවත්වාගැනීමට මියන්මාරයෙන් සහල් ආනයනය කෙරේ

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මෙරට ජන‍තාව වෙනුවෙන් අවම මිළ ගණන් යටතේ සහල් සැපයීම වෙනුවෙන් මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා දෙරට  අතර අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ එළැඹි මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ මියන්මාර රජය වෙනුවෙන් මියන්මාර වාණිජ කටයුතු අමාත්‍ය වින්ට්- සැන් මහතා අත්සන් තබනු ලැබුවා.

මෙම සහල් තොගය ශ්‍රී ලංකා රජයේ ආරක්ෂිත තොගය වශයෙන් පවත්වා ගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, ඉදිරියේදී කිසිසේත්ම සහල් හිඟයක් හෝ අනිසි මිළ වැඩි වීමක් සිදු නොවීම මෙමඟින් අරමුණු කෙරෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu