gossiplanka alexa නිසි ප්‍රතිකාරයක් හඳුනාගන්නා තෙක් අපේ ජිවන රටාව සැලකිය යුතු ලෙස වෙනසක් සිදු කළ යුතුයි - ලෝක සෞඛ්‍ය සංවිධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිසි ප්‍රතිකාරයක් හඳුනාගන්නා තෙක් අපේ ජිවන රටාව සැලකිය යුතු ලෙස වෙනසක් සිදු කළ යුතුයි - ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරසයට එරෙහිව නිසි ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සුපුරුදු ජිවන ක්‍රමයෙන් බැහැරව සිටීමට ලොව සියලු දෙනාටම සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සේවා හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසුවේ කොරෝනා වෛරස් එන්නතක් නිපදවන තෙක් ලොව පුරා ජනතාවගේ ජීවිත “සැලකිය යුතු වෙනස් කිරීමකට” සිදුවෙනු ඇති බවයි.

“මෙම තත්ත්වයෙන් පිටතට යාමට මගක් තිබෙනවා. නමුත් අපි නිතරම සෝදිසියෙන් සිටිය යුතුයි. වෛරසයට එරෙහි එන්නතක් හෝ ප්‍රතිකාරයක් හඳුනා ගන්නා තෙක් අපගේ ජීවන රටාවෙහි සැලකිය යුතු වෙනසක් කිරීමට අපට සිදුවනු ඇති බව” රයන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

වසා දමා ඇති රටවල් යලි විවෘත කිරීමේ දී බොහෝ රටවල් ඉතා පරිස්සමින් පියවරෙන් පියවර ප්‍රවේශයක් ගැනීම වැදගත් බවයි විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

බොහෝ පුද්ගලයින් ආර්ථික, සමාජීය සහ මානසික වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව සිටින බැවින් පාලකයින් ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ඔහු සඳහන් කලේ.

දැඩි අවධානම් සහිත ප්‍රදේශවල අර්ධ ලෙස පාසැල්, කාර්යාල විවෘත කිරීමේ දී වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බවත් ප්‍රසංග සහ ක්‍රීඩා තරග වැනි දෑ යලි පැවැත්වීම මේ අවස්ථාවේ දී උචිත නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂක මයික් රයන් සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu