gossiplanka alexa රටපුරා සුරාසැල් තවදුරටත් වැසෙන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටපුරා සුරාසැල් තවදුරටත් වැසෙන ලකුණු

න ජීවිතය ලබන සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට කටයුතු කළද සුරාසැල් විවෘත නොකිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ මිට පෙර ඇඳිරි නීතිය ලිහිල් කර අවස්ථාවේ රජය සුරාසැල් විවෘත කිරීමට කටයුතු කළ අතර එහිදී ජනතාව වැඩි වශයෙන් රැස්වීම හේතුවෙන් නැවත සුරාසැල් වසා දැමීමට රජය තීරණය කරනු ලැබුවා.

මේ අතර රටපුරා පවතින ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන සඳුදා අලුයම 5 දක්වා බලාත්මක වනවා.

ඒ අනුව බස්නාහිර පළාත, පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය ලබන සඳුදා ලිහිල් වනු ඇති.

ලබන සඳුදා සිට බස්නාහිර පළාතේ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

එම වැඩපිලිවෙල සම්බන්ධයෙන් විශේෂ ගැසට් පත්‍රයක් නිරෝධායන රෙගුලාසි යටතේ නිකුත් කිරීමට නියමිත අතර ඒ සඳහා අධ්‍යාපන හා සේවා සපයන ආයතන, පොදු ප්‍රවාහන සේවා, ආහාර සපයන ආයතන, පොදු ස්ථාන, වෙළඳසැල් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව එම ගැසට් පත්‍රයේ දැක්වෙනු ඇති.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා සහ රාජකාරි සඳහා පිටත්ව යන පුද්ගලයින් හැර සෙසු පිරිස් හැකිතාක් නිවෙස්වලින් බැහැර වීම අවම කළ යුතු බවයි ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

ආහාර හෝ ඖෂධ ලබා ගැනීම වැනි අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැර වීය යුතු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.

ඒ සඳහා අවසර ලැබෙන්නේ ජාතික හැඳුනුම්පනතේ අවසන් අංකය අනුව බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu