gossiplanka alexa නිවෙස්ගතව නිරෝධායනය වන ආසාදිතයින්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව නිර්දේශයන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිවෙස්ගතව නිරෝධායනය වන ආසාදිතයින්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව නිර්දේශයන්

සායනික කළනාකරණ  මාර්ගෝපදේශ මාලාවේ කරුණු සංශෝධයනට ලක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (26) නවතම නිර්දේශයක් නිකුත් කර තිබෙනවා.

එම නිර්දේශයන්ට අනුව,

01. කොවිඩ් -19 වෛරසය ආසදිත යැයි සැක සහිත සහ අඛණ්ඩව සහ වෙනස්වන ආකාරයේ රෝග ලක්ෂණ සහිත ආසාදිතයින් සඳහා වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් අඛන්ඩව ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි.

02. නිවෙස් තුල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන බැලීම සඳහා ඔක්සිමිටර් භාවිතා කිරීම අවශ්‍යවනවා. නිවෙස් තුළ නිරෝධායනය කිරීමේ අනුගමනය කල යුතු ක්‍රමවේදවලට අමතරව මෙය සිදු කල යුතු වන්නේ රෝගියාගේ තත්ත්වය පිළිබඳව පසුවිපරම් කිරීම සහ සෞඛ්‍ය අංශ සමග සම්බන්ධීකරණය කිරීම යෝග්‍ය වන නිසාවෙනි.

03. රෝහල්ගතව සිටින කොවිඩ් රෝගීන් සඳහා රුධිර නාල වල (ත්‍රොම්බොසිස්) ඇති වන රුධිර කැටි ගැසීම වැළැක්වීම සඳහා අඩු මාත්‍රාවකින් යුත් ප්‍රතිදේහජනක භාවිතා කිරීම ද සුදුසුයි.

04. රෝහල්ගතව ඔක්සිජන් පහසුකම් ලබා ගන්නා කොවිඩ් ආසාදිත රෝගීන් ගේ ශරීරය සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහය වැඩිකිරලීම සඳහා පුද්ගලයාව මුනින් අතට (උදරය යටට වන සේ) තැබීම සුදුසුයි.

මෙම නිර්දේශනය්න් ලබා දී ඇත්තේ ස්වාධින විශේෂඥ මණ්ඩලයක් විසින්. කොවිඩ් රෝගීන්ගේ තොරතුරු සවිස්තරාත්මකව සමාලෝචනය කිරීමෙන් ඔවුන් මෙම නිර්දේශ ලබා දී තිබෙනවා.

පශ්චාත් කොවිඩ් තත්ත්වයේදී වෛරසය ආසාදිතයින්ට දිගින් දිගටම නිරන්තර කැස්ස, තෙහෙට්ටුව සහ ව්‍යායාම් කිරීමේදී ඇතිවන තෙහෙට්ටුව වැනි දීර්ඝ කාලීන ගැටළු පවතින බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu