gossiplanka alexa ළඟම ඇති පාසලට ගොස් ඉගෙන ගැනීමට සිසුන්ට අවසර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ළඟම ඇති පාසලට ගොස් ඉගෙන ගැනීමට සිසුන්ට අවසර

සියළුම සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ පාසැල් යාමේ දී ළඟම ඇති පාසලට ඇතුළත් වී තාවකාලිව අධ්‍යාපනය හැදෑරීම සහ ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙසයි. 

පාසැල් යාමේ දි දිස්ත්‍රික්ක අතර හා පළාත් අතර ගමනාගමනය අවම කිරීමට පියවර ගැනීමක් වශයෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා. ඒ අනුව තමන් අධ්‍යාපනය හදාරන පාසැල කොළඹ දිස්ත්‍රික්කයේ තිබුණ ද ළඟ ඇති පාසලට ඇතුළත් වී තාවකාලිකව අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට පහසුකම් සැලසීමට තීරණය වී ඇති බව සඳහන්.

එසේ අධ්‍යාපනය හැදෑරීමට කැමති දරුවන් සිටීනම් ඔවුන්ට එම අවසරය ලබා දීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

එසේම ගුරුවරුන්ට ද පළාත් අතර ගමනාගමනයෙන් තොරව ළඟම ඇති පාසලට ගොස් දරුවන්ට  ඉගැන්වීමේ කටයුතු වල යෙදීමට අවසරය ලබා දීමට තීරණය කල බව ඒ මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu