Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label School. Show all posts

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් අතරින් අධ්‍යාපන අමාත්‍යාංශයට අන්තර්ග්‍රහණය කර සිටින උපාධිධාරීන් සියළු දෙනා මෙම මස 21 වන දින සේවයට වාර්තා කල යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසනවා. 

යස අවුරුදු 18 සහ 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පාසැල් තුළදී ලබා දීම ඔක්තෝබර් 21 වන දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩපිළිවෙලක් සකස් කරමින් පවතිනවා. එහි පළමු අදියර ලෙස මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාශවල දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම හෙට (15) සිට සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

දියර හතරකින් පාසැල් ආරම්භ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා. 

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200ට අඩු පාසැල් එළඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට හැකි බව කොවිඩ් මර්දනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පිහි‍ටුවා ඇති තාක්ෂණික කමි‍ටුව නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිතයි.

දිවයින පුරා පාසැල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශමාලාව සකස් කර හෙට (13) වන විට ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මීට පෙර දැනුම් දී තිබුණා. එසේම පසුගිය සිකුරාදා පැවති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී ද පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. 

යස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඉදිරි සති දෙකක කාල සීමාවක් ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡාවට යොමු වුණා. 

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පාසැල් සිසුවෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ එකොළොස් හැවිරිදි සිසුවෙක්. 

දීර්ඝ කාලයක් තිස්සේ කොරෝනා වසංගත තත්ත්වයන් මත වසා දමා තිබූ පාසැල් ලබන අගොස්තු මාසයේ දී විවෘත අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල් වසා දමා තිබුණත් දරුවන්ගෙන් පහසුකම් ගාස්තු සහ සේවා ගාස්තු අය කරන නිසා එයට විරෝධය දක්වමින් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

open school vaccine studentපාසැල් දරුවන්ගේ සුරක්ෂිතතාව පිළිබඳව ප්‍රමුඛතාව ලබා දෙමින් හැකි ඉක්මනින් පාසැල් විවෘත කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ. 

covid vaccine for school childrenලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ළමුන් සඳහා අනුමත කල එන්නතක් මෙරට පාසැල් සිසුන්ට ද ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා. 

පාසැල් දරුවන්ට යහළු යෙහෙහෙළියන් සමඟ සෙල්ලම් කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව නොමැතිවීම හේතුවෙන් ඔවුන් යම් දැඩි ආතතියකට පත්ව ඇති නමුත් පවතින තත්ත්වය මත පාසැල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. 

All School and campus close  indefinitely

කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යාම හේතුවෙන් මෙරට පාසැල්, විශ්ව විද්‍යාල, පෙර පාසැල්, පිරිවෙන් සහ උපකාරක පංති ආරම්භ නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. 

වතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සියලුම පාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. 

වතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් එළඹෙන 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

පැතිරයන කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාතේ සියළු පාසැල් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් පාසැල් කිහිපයක ඉගෙනුම ලබන සිසුන් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එම කලාපයේ පාසැල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසැල් කිහිපයකින් කොවිඩ් වෛරසය ආසාදිත ළමුන් වාර්තා වී ඇති බවත් එසේ වාර්තා වන සියළු තොරතු දිනපතා මාධ්‍ය මඟින් හෙළිකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේක ම් මහාචාර්ය කපිල පෙරේරා මහතා 'මවුබිම' පුවත්පතට පවසා තිබෙනවා. 

ගෝස්තු මාසයේ පාසැල් නිවාඩුව සතියකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පාසැල් ළමුන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වී තිබෙනවා. ඒ කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පාසැලක ළමුන්ට බවයි වාර්තාවන්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page