විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවයන්ට පත්වන බැවින් ඔවුන්ට හෙට (04) දිනයේ සිටම පාසැල් නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව පාසැල් වාර විභාගවලය පෙනී සිටින සිසුන් හැර අනෙකුත් සිසුන් පාසැල් වෙත කැඳවීම නොකරන ලෙස විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබෙනවා. එම දැනුම් දීම අනුව දිවයිනේම ප්‍රාථමික පාසල්වල දරුවන් ද පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර හිමි වන්නේ නැහැ. එසේම උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල වාරවිභාග අවසන්ව ඇති බැවින් 6 සිට 13 ශ්‍රේණිය දක්වා එම පළාත්වල පාසල්වල දරුවන් ද පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බවයි පැවසෙන්නේ.
නමුත් බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වල පාසැල් වාර විභාගයන්ට පෙනී සිටින දරුවන් පමණක් පාසැල් කැඳවීමට නියමිතව තිබෙනවා. එසේම අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා දරුවන් පාසැල් කැඳවීමට අවශ්‍ය නම් විදුහල්පතිවරුන් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ඒ සඳහා අවසර ලබා ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

