gossiplanka alexa පාසැල් කාලය දීර්ඝ කිරීමට තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් කාලය දීර්ඝ කිරීමට තීරණයක්

පාසැල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ලබන වාරයේ සිටයි. 2022ට අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට දින 139ක් වැනි  සීමිත කාලයක් පැවතීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

මෙසේ පැයකින් පාසැල් කාලය දීර්ඝ කිරීම හේතුවෙන් දින 20ක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමටයි අපේක්ෂා කරන්නේ. එසේ වේලාවන් දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශයන් ආවරණය කර ගැනීමට කාලය මදි වුවහොත් තෙවැනි වාරයේ දී සෙනසුරාදා දිනයන්හිද පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. 

මෙවර ශිෂයත්ව විභාගය ඔක්තෝබර් 15 වන දින ද උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වන දින සිට ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එසේම සාමාන්‍ය පෙළ විභාගය 2023 ජනවාරි මස පැවැත්වීමට නියමිත අතර පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි 23 ආරම්භ වීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu