gossiplanka alexa ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පහළට

පාර්ලිමේන්තුවේ ස්වාධීනවන මන්ත්‍රීවරුන් ගණන තවදුරටත් පහළ යනු ඇති බව ආරංචි මාර්ග පවසනවා. අද දිනයේ ‍රැස්වන පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර ඉන් අනතුරුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ද ස්වාධීන වන බවයි පැවසෙන්නේ. හෙට (06) දිනයේ දී ද මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ස්වාධීන වීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් ස්වාධීන වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 95 දක්වා පහළ යනු ඇති බවයි පැවසෙන්නේ. පසුගිය අයවැය විවාදයේ දී ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 157 දෙනෙකු පක්ෂව ඡන්දය දී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu