පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශ කරයි

2019 වසරේ සිදුවූ කුප්
රකට පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව සඳහා කුමන්ත්රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (සැප්තැම්බර් 22) ප්රකාශයට පත් කෙරුණා.

කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණා.
නඩුවේ පසුබිම සහ විත්තිකරුවන්
විනිසුරු මඩුල්ල: නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.
අධිචෝදනා භාරදීම: 2021 ඔක්තෝබර් මස 04 වන දින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා භාර දෙනු ලැබීය.
නඩු විභාගය අතරතුරදී, විත්තිකරුවන් අතර සිටි යාසින් බාවා අබ්දුල් රාවුෆ් නමැත්තා 2023 වසරේදී මියගොස් ඇත.
නීතිපතිවරයා ගොනු කර ඇති ප්රධාන චෝදනා:
මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් (සහරාන් හෂීම්) ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ අනෙකුත් අන්තවාදීන් සමඟ එක්ව, ආගමික හා ජාතිවාදී එදිරිවාදී හැඟීම් ඇති කිරීමේ පොදු අරමුණින් මෙම ප්රහාර මාලාවට කුමන්ත්රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
මෙම ප්රහාරයන් හේතුවෙන් පහත ස්ථානවල බෝම්බ පුපුරුවා හැරීමෙන් පුද්ගලයින් 270 කට ආසන්න පිරිසක් ඝාතනය කර, තවත් පුද්ගලයින් 526 දෙනෙකුට තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම යටතේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කරමින් මෙම චෝදනා ගොනු කර තිබේ:
* කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය
* මීගමුව - කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය
* කොටුව කිංග්ස්බරි හෝටලය
* කොටුව ශැංග්රිලා හෝටලය
* කොල්ලුපිටිය සිනමන් ග්රෑන්ඩ් හෝටලය
* මඩකලපුව සියෝන් දේවස්ථානය
* දෙහිවල නිව් ට්රොපිකල් ඉන්
නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවන්
1. මොහොම්මදු ඊබ්රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි:
2. මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක් හෙවත් ගෆූර් මාමා)
3. හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)
4. මොහොමදු ඊබ්රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)
5. මොහොමඩ් ඊබ්රහිම් ෂාහීඩ් අබ්දුල් හක් (අබූ ෆලා)
6. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)
7. මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබූ මිසාන්)
8. අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්
9. මොහොමඩ් රමිෂ් මොහොමඩ් සජීඩ් හෙවත් සජීඩ් මවුලවි (අබු නජා)
10. අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්)
11. හුසේනූල් රිස්වි කාලිද් සමීර්
12. මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)
13. මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්)
14. රෂීඩ් මොහොමඩ් ඊබ්රාහිම්
15. මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)
16. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නාන් සීයාර්)
17. යසීන් බාවා අබ්දුල් රාවුෆ් (බන්ධනාගාරයේ සිටියදී මරණයට පත්විය)
18. රසික් රාසා හුසේන්
19. කච්චි මොහොමඩ් ජෙස්මින්
20. සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්
21. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්
22. මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)
23. මොහොමඩ් අමීන් අයන්තුල්ලා
24. මොහොමඩ් අන්සාර්දීන් හිල්මි
25. මොහොමඩ් අක්රම් අහක්කම්

තීන්දුව

නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙක් (01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10 [16 වන චෝදනාව හැර] 11, 15, 16, 18, සහ 19 යන විත්තිකරුවන්) සියළු චෝදනාවට වරදකරුවන් කර ඇත.

විත්තිකරුවන් 09 දෙනෙක් (12, 13, 14, 17, 20, 21, 23, 24 සහ 25 යන විත්තිකරුවන්) සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.

සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදි. වරදකරුවන්ට දඬුවම් නියම කිරීම දැන් සිදුවෙමින් පවතී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu