gossiplanka alexa ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්, ලංකාව හදිසි අවශ්‍යතා ඇති රටවල් අතරට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්, ලංකාව හදිසි අවශ්‍යතා ඇති රටවල් අතරට

who-warning-srilanka-urgent-need-country
කොවිඩ් -19 ආසාදිතයින්ගේ වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් දරුණු අතට පත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්. 

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ රෝහල්ගත කිරීමේ වැඩි වීමක් පවතින බව ඔහු පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන බවයි ඔහු පවසන්නේ. 

මේ වන විට ශ්‍රී ලංකාව, වියට්නාමය, නේපාලය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව ද හදිසි අවශ්‍යතා සහිත රටවල් ලෙසට හඳුනාගෙන ඇති බව ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා වැඩි දුරටත් කියා සිටිනවා. 

එන්නත් ලබා දීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමය කිරීමෙන් පමණක් මෙම වසංගතය පාලනය කල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පෙන්වා දෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu