gossiplanka alexa ''කොවිඩ් මර්දන අරමුදලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැ‍ටුපවත් ලබා දෙන්න'' ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''කොවිඩ් මර්දන අරමුදලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැ‍ටුපවත් ලබා දෙන්න'' ඉල්ලීමක්

mp-salary-covid-fund-request
කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට රජය පිහි‍ටුවා ඇති අරමුදලට දායකත්වය සපයන ලෙස කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය විසින් දානපතියන්ගෙන් ඉල්ලීමක් සිදු කලා. 

ඒ අනුව පාරිභෝගික අයිතීන් සුරකීමේ සංගමය ද එම අරමුදලට දායකත්වය සපයන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටිනවා. 

ජනතාවද අනිවාර් යයෙන් මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය සපයා දිය යුතුවා මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද සෞඛ්‍ය අමාත්‍යංශයට මූල්‍යමය දායකත්වය ලබා දිය යුතු බව එම සංගමය පවසනවා. 

පවතින වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ ගමන් වියදම් සහ වෙනත් වියදම් ද අඩුවී ඇති බැවින් මානව හිතවාදී සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවම වශයෙන් සිය මසක හෝ දෙකක වැ‍ටුපවත් මෙම අරමුදලට පරිත්‍යාග කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ සංගමය ඉල්ලා සිටිනවා. 

බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ආදායමක් ලබන පුද්ගලයින් බවයි එම සංගමය පවසන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu