gossiplanka alexa ''ගම්පහ දිස්ත්‍රික් රෝහලේ තත්ත්වය ඉතාමත් නරක අතට'' - වෛද්‍යවරයෙකුගේ සටහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''ගම්පහ දිස්ත්‍රික් රෝහලේ තත්ත්වය ඉතාමත් නරක අතට'' - වෛද්‍යවරයෙකුගේ සටහන

gampaha-district-hospital-risk
ම්පහ ද්සිත්‍රික් මහ රෝහලේ කොරෝනා රෝගීන් බහුල වීම නිසා ඇති වී තිබෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳව එහි උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තිරුමාවලවන් මහතාගේ ෆේස්බුක් ගිණුම වෙත පණිවිඩයක් යොමු කර තිබුණා. 

එහි සිංහල පරිවර් තනය ගම්පහ ලීසන්ස් රෝහලේ විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතා විසින් මෙසේ සටහන් කලා.

උපුටා ගැනීම

"ගම්පහ රෝහලේ තත්වය නරක තත්වයෙන් ඉතා නරක තත්වයට හැරෙමින් පවතී. සාමාන්‍ය වාට්ටුවේ පවා ඔක්සිජන් අත්‍යවශ්‍ය රෝගීන් 14ක් සිටිනවා තවම යන්ත්‍ර අවශ්‍ය නැහැ ඒ අයට 

ඊයේ වෙනතුරු බිත්ති ඔක්සිජන් යන්ත්‍ර නොතිබුනි.ඊයේ එය සකස් කර ගත්තේ යම් අනුග්‍රාහක පිරිසකගේ පිහිටෙනි.මෙවැනි අනුග්‍රහයන් මගින් තව  බොහෝ දේ කල යුතුව ඇත.

මාගේ ඒක රෝගියයෙකුට යන්ත්‍රයක් අවශ්‍ය නිසා ICU දැමිය යුතුව ඇත. නමුත් ICU පිරිලා නිසා ඔහු  පෝලිමේ සිටියි. රටේම ICU  පෝලිමට දමා ඇත. ඔහු එහි 14 වෙනියාය. 

මම ඊයේ මුලු වාට්ටුව පුරාම රෝගීන් බැලුවෙමි. මෙම ලෙඩුන් බලා ගැනීමට අවශ්‍ය තරම් පිරිස නැති බව දැක කණගාටු වුනෙමි. ඔවුන්ගේ පෝෂණය ලබාදීම්, සනීපාරක්ෂාව,ලබාදීම ඉතා අසීරුය.

ඊයේ වයස්ගත රෝගියෙකු මියගිය අතර ඊට පෙර දින දෙදෙනෙකු මිය ගියා. අපට මේ සියලු 50  කට ආසන්න රෝගීන් සඳහා අධි වේගී ඔක්සිජන් සපයන යන්ත්‍ර දෙකක් ඇති අතර NIV (බට ඇතුලට නොදමා ඔක්සිජන් ලබා දෙන යන්ත්‍ර) එකක් ඇත. මෙම සියලු රෝගීන් ගෙන් 20% පමණ ඔක්සිජන් ගැලවීමට නොහැකිය. ගැලවු විගස ඔවුන්  මියයනවා. 

ඊයේ එකක් රෝගියෙකු පෙනහලු ගර්ථයක් පුපුරා අසාධ්‍ය විය. මෙම ක්‍රමය තුල විශේෂ ICD (හද ගැස්ම නිරීක්ෂනය කරන ගමන් වෙනසක් ආ විට විද්‍යුත් තරංග යවා එය නිවැරදි කරන)දමා නිරීක්ෂනය කිරීම සිහිනයකි.

අපිට ඇති රිදී රේඛාවක් නම් ඉතා මහන්සියෙන් කැපවීමෙන් නොකඩවා  වැඩකරන නිර්භය ජ්‍යෙෂ්ඨ ලේඛාධිකාරි විශේෂඥ වෛද්‍ය වරු දෙදෙනෙකු හදිසි ප්‍රතිකාර සේවයට ලැබී තිබීමයි. ඔවුන් ගෙන් එක් අයෙකුගේ සහෝදරියක් එංගලන්තයේ සිටින අතර මේ තත්වය අසා දැනගත් ඇය ඔක්සිජන් සිලින්ඩරයට ගසා ඔක්සිජන් ලබා දෙන පාලක උපකරණ ( oxygen regulators) දහයක් මිලදී ගැනීමට වහාම ඊයේ රාත්‍රියේම මුදල් එව්වාය. එසේ නොවුවා නම් අපට මහා ව්‍යසනයක් විය හැකිව තිබුනි" 

උපුටා ගැනීම අවසන් 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu