gossiplanka alexa අයහපත් කාලගුණය නිසා මරණ 04ක්, පහත්බිම් ජනතාවට අවදානයෙන් සිටින ලෙස දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයහපත් කාලගුණය නිසා මරණ 04ක්, පහත්බිම් ජනතාවට අවදානයෙන් සිටින ලෙස දැනුම් දීමක්

death-inclement-weather-warning
ධික වර්ෂාවත් සමඟ ඇති වූ අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. දිවයින පුරා දිස්ත්‍රික්ක 6කට බලපෑම් එල්ල කරමින් ඊයේ (14) දිනය පුරා ප්‍රදේශ ‍රැසකට දැඩි වර්ෂාවක් ඇදහැලුණා. 

ගිං ගඟ පිටාර ගැලීමෙන් ගාල්ල අලුවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබූ අතර ඔහුගේ සිරුර ඊයේ(14) සොයා ගනු ලැබුනා.

පස් කන්දක් නිවස මතට කඩා වැටීමෙන් වරකාපොල ගස්වාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා. ඔහුගේ මව ද පස් කන්දට යටවී සිටිය දී බේරා ගැනීමට යුද හමුදාවට හැකිව තිබෙනවා. 

එසේම ඥාති දියණියක් සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දි 53 හැවිරිදි පුද්ගලයෙකු දැදුරු ඔයේ ජල පහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අටහ්ර සැඩ පහරකට හසුව වළකට වැටීමෙන් ජීවිත්ක්ෂයට පත් වූ 22 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් බියගම-කොලඹ ප්‍රධාන මාර් ගයේ පට්ටිවිල ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබෙනවා.

මේ අතර ජල ධාරාවල වැඩිවීම් හේතුවෙන් දැදුරු ඔය, රාජාංගනය, ඉගිණිමිටිය සහ තබ්බෝව ජලාශවල වාන් දොර‍ටු විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. 

දැදුරු ඔය, කලාඔය සහ මී ඔයේ ජල මට්ටම් ඉහළ යමින් පවතින නිසා ඒ අවට පහත්බිම්වල සිටින ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu