gossiplanka alexa ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවදානමේ, රෝහල් පද්ධතිය කඩා වැටීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවදානමේ, රෝහල් පද්ධතිය කඩා වැටීමේ අවදානමක්

gampaha-district-high-risk-covid
ම්පහ දිස්ත්‍රික්කය ඉතා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඉදිරි සති දෙක තුළ අනපේක්ෂිත අන්දමින් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් වැඩි වීමේ අවදානමක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ඊයේ (14) මීගමුව රෝහලේ කායික රෝග අංශය වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ (ඇන්ටිජන්) වලින් 80%ක්ම 'පොසිටිව්' වී ඇති අතර එය ඉතාමත් දරුණු තත්ත්වයක් බව එම සංගමයේ ලේකම්වරයා පවසනවා. 

මෙම අවදානම් තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය කඩා වැටීමේ තත්ත්වයක් නිර්මාණය වන බැවින් එම අවදානම මඟ හරවා ගැනීමට වහාම සැලසුම් සකස් කල යුතු බවයි ලේකම්වරයා පවසන්නේ. 

උද්ගත වෙමින් පවතින මෙම තත්ත්වය පිළිබඳව ඊයේ (14) සවස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ද මේ සම්බන්ධයෙන් කඩිනමින් දැනුවත් කරන බවත් සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu