දොලොස්බාගේ තේ වතුයායේ අයිතිය අර්බුදයක : යෝෂිත-රෝහිතගේ දේපළ ගැන විශේෂ පරීක්ෂණයක්


‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුණි කාමන්ත තුෂාර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන අයට විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය තීරණය කර තිබෙනවා. 

ඒ ඔවුන්ට අයත් බව කියන නාවලපිටිය, දොලොස්බාගේ ප්‍රදේශයේ පිහිටි අක්කර 135ක තේ වතුයාය සම්බන්ධයෙන්. 

මේ සම්බන්ධයෙන් අදාළ විමර්ශන කොට්ඨාසය විසින් පැමිණිලිකරු වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ, චෝදනා සනාථ කිරීම සඳහා වන ලේඛනගත සාක්ෂි ද සහිතව ප්‍රකාශයක් ලබා දීමට මෙම මස 14 වනදා පෙරවරු 9.00 ට එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසයි.

CSN නාලිකාව හරහා සිදුකළ මුදල් විශුද්ධිකරණය සහ රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කරමින් උපයාගත් අරමුදල් මගින් මෙම දොලොස්බාගේ වතුයාය මිලදී ගෙන ඇති බවත්, 2021 දෙසැම්බර් 11 වනදා 'ඔසා ප්ලාන්ටේෂන්' (Osa Plantations) සමාගමේ අධ්‍යක්ෂ ධුර සඳහා වෙනත් පුද්ගලයින් තිදෙනෙකු ඉදිරිපත් කරමින්, සැබෑ හිමිකාරීත්වය සඟවා මෙම දේපළ අත්පත් කරගෙන ඇති බවත් පැමිණිල්ල විසින් චෝදනා කර තිබෙනවා.




මුදල් විශුද්ධිකරණය: 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu