ඊයේ (08) පස්වරුවේ කොළඹදී පැවැති විශේෂ පිළිගැනීමේ උත්සවයකට මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය ජාතිකයින් රැසක් එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසා සිටියේ මෙය ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ පළමු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සංචාරය වන අතර, එය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයකි. මෑතකාලීන රාජ්‍යතාන්ත්‍රික හුවමාරු හරහා දෙරට අතර පවතින සබඳතා නව තලයකට ඔසවා තැබීමට හැකි වී තිබෙන බවයි.
එසේම, ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී සහය වීමට ඉන්දියාව සැමවිටම සූදානම් බවත් දෙරට අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික හා ශිෂ්ටාචාරමය සබඳතා මෙම හවුල්කාරිත්වයට ශක්තිමත් පදනමක් සපයන අතර, දෙරට අතර සබඳතා තවදුරටත් තහවුරු කිරීමට ඉන්දීය ඩයස්පෝරාව පාලමක් ලෙස කටයුතු කරන බවත් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසා සිටියා.

