කපිල චන්ද්‍රසේනගේ දුරකථන දත්ත ඇපල් සමාගමෙන් ඉල්ලුවා - CID ය අධිකරණයට දැනුම් දෙයි


ශ්රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන මියගිය ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේනගේ ඇපල් ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා වූ අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත ඊමේල් මගින් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නා.

මෙම සිදුවීම සම්බන්ධ මහේස්ත්රාත් පරීක්ෂණය අද යළී කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මේ බව අධිකරණයට දැනුම් දෙන ලදි.
අදාල දුරකතන දත්ත සම්බන්ධයෙන් ලබාගත් අධිකරණ නියෝගය ඉකුත් අගෝස්තු මස 18 වැනිදා ඇමරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කළ බවත්, මෙම සිද්ධියේ මියගිය සැකකරුගේ මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවත් පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව, එම වාර්තා කඩිනමින් අධිකරණයට යොමුකරන ලෙසට හදිසි මරණ පරීක්ෂකවරයා වෙත සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් ද අධිකරණයෙන් නිකුත් කිරීම සිදුවිය. අනතුරුව මේ සම්බන්ධ අධිකරණ කටයුතු ලබන ඔක්තෝබර් මස 14 තෙක් කල් තබන ලදි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu