මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ ප්‍රථම රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම

kandy, perahera

කුණු දිශාභිමුඛව පෙරහර කරඬුව සහිත මංගල හස්තිරාජයා දළදා මාලිගාවේ වාහල්කඩ අසළ සඳගල වෙත පා තබමින් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (23) පස්වරු 6.44 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

සතර මහා දේවාල පෙරහැර සමඟ ඉතා විචිත්‍රවත් ලෙස පැවැත්වීමට නියමිතව ඇති පෙරහැර මංගල්‍යය හේතුවෙන් මහනුවර නගරය තුළ  විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බවයි පැවසෙන්නේ. 

ඒ අනුව කටුගස්තොට සිට පැමිණෙන සියලු බර වාහනවලට මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරයට පිවිසිය හැකි අතර කටුගස්තොට දෙසට පිටවන රථ වාහනවලට පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය, යටිනුවර වීදිය හරහා පැමිණ දකුණට හැරී මිරමෝක්මම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකි බවයි පොලීසිය සඳහන් කර සිටින්නේ. 

තැන්නෙකුඹුර හා අම්පිටිය දෙසින් පැමි‍ණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රියපොළ අසලින් කොළඹ දෙසට සහ නගරය දෙසට ගමන් කළ හැකි අතර රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු වීමේ ඉඩකඩ සලසා දී තිබෙනවා. 

එම මාර්ගයන් ඔස්සේ මහනුවර සිට පැමිණෙන්නේ නම් අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයට ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් සංඝරාජ මාවත ඔස්සේ ගමන් කිරීමේ හැකියාව ඇති අතර බෝගම්බර වට රවුමේ සිටද විකල්ප මාර්ග භාවිත කළ හැකි වනවා. 

එලෙසම විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය පාර භාවිතා කරමින් කොළඹ දෙසින් මහනුවරට ඇතුළු වීමට හා පිටවීමට හැකියාව පවතිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu