gossiplanka alexa මහරගම සාදයකට සහභාගී වූ අටමස් ගැබිණියක් කොරෝනා නිසා ජීවිතක්ෂයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහරගම සාදයකට සහභාගී වූ අටමස් ගැබිණියක් කොරෝනා නිසා ජීවිතක්ෂයට

death-pregnant-mother-malabe
සිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටි අට මස් ගැබිණියක් අද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 35ක්. 

මහරගම ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීමෙන් පසු එම කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර එම සාදයට සහභාගී වූ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදු කළ පරීක්ෂනවලදී සොයා ගනු ලැබුවා. 

මෙම කාන්තාව තිස්සමහාරාම, යායගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර මිය යන විට ඇය මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියා. පළමුව දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති කාන්තාව පසුව නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර තිබුණා. 

එම ගැබිණි කාන්තාවගේ ස්වාමිපුරුෂයාට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්. 

කොවිඩ් වෛරසය ආසාදනයෙන් මෙරට සිදු වූ සිව් වන ගැබිණි කාන්තා මරණය මෙය වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu