මිලදී ගන්නා මිලට වඩා අඩු අගයකට ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම නිසා ලංකා IOC, සයිනොපෙක් සහ R.M. පාර්ක් සමාගම් බෙදාහැරීම් සීමා කර තිබෙනවා.
මෙම මිල ගැටලුව හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සැප්තැම්බර් 17 වැනි දින අනතුරු අඟවා තිබුණා.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෑතකදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල ඉහළ නංවා ඒ සඳහා රජයෙන් සහනාධාර ක්‍රමයක්ද හඳුන්වා දෙන ලදී.
එසේ වුවද, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ වත්මන් අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදාළ ඉන්ධන සමාගම් විසින් ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඇණවුම් යොමු කිරීමට අපොහොසත් වීම බවයි.
කෙසේ වෙතත්, අදාළ සමාගම් විසින් ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් මතුව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඩී.වී. ශාන්ත සිල්වා මහතා පෙන්වා දෙයි. ඔහු පවසා සිටින්නේ පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව IOC, සයිනොපෙක් සහ R.M. පාර්ක් යන ආයතන සඳහන් කරන බවයි. රජයෙන් සහනාධාර ලබා දුන්නද, එමඟින් තමන්ගේ අලාභය පියවා ගැනීමට නොහැකි වී ඇති බව එම ආයතන පවසා තිබෙනවා.
මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා නොදුනහොත් අර්බුදය තවදුරටත් වර්ධනය විය හැක

