IMF 7 වැනි වාරිකය මුදා හැරීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ව කොන්දේසි දෙකක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පුළුල් ණය පහසුකම් වැඩසටහන යටතේ සිදු කෙරෙන මූල්‍ය ප්‍රතිසංස්කරණවල හත්වැනි සමාලෝචනය සාර්ථකව අවසන් කිරීමට අදාළව, ශ්‍රී ලංකා රජය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර මූලික මට්ටමේ එකඟතාවකට ළඟා වී තිබේ.

එහෙත්, මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ක්‍රියාත්මක වීමට නම් IMF විධායක මණ්ඩලයේ විධිමත් අනුමැතිය අත්‍යවශ්‍ය වේ. එම අවසන් අනුමැතිය හිමිවීමට ප්‍රථම, ඉදිරි 2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා නිසි පරාමිතීන්ට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙන්ම, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා වන මූල්‍ය සහතික තහවුරු කිරීමේ සමාලෝචනය සම්පූර්ණ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක දැක්වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu