චීනයෙන් තවත් වෛරසයක් - ආබාධිතයින් 35ක් සොයා ගැනේ


නැගෙනහිර චීනයේ සතුන් මඟින් පැතිරෙන නව වෛරසයක් හඳුනාගෙන ඇති අතර නව ලන්ග්‍යා හෙනිපාවෛරසය (LayV) නම් වන මෙම වෛරසය දැනට ෂැන්ඩොං සහ හෙනාන් පළාත්වල පුද්ගලයන් 35 දෙනෙකුට එය ආසාදනය වී තිබේ. උණ, තෙහෙට්ටුව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මෙම රෝගීන්ගෙන් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

මෙම වෛරසය මිනිසුන් අතර පැතිර යන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැතත්, එය මූලික වශයෙන් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වී ඇති බව විශ්වාස කෙරේ. පර්යේෂකයන් විසින් මෙම වෛරසය ප්‍රධාන වශයෙන් මෞල (shrews) නමැති ඉත්තෑවන්ට සහ මීයන්ට සමාන ක්ෂීරපායී සතුන්ගෙන් සොයාගෙන ඇත. චීනය, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් ඒකාබද්ධව සකස් කළ මෙම අධ්‍යයන වාර්තාව "New England Journal of Medicine" ජර්නලයේ ප්‍රකාශයට පත් කර තිබේ.

සිංගප්පූරුවේ Duke-NUS වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය වැන්ග් ලින්ෆා පෙන්වා දෙන්නේ, මෙතෙක් හමුවී ඇති රෝගීන් බරපතළ හෝ මාරාන්තික තත්ත්වයක නොමැති බැවින් අනවශ්‍ය ලෙස බිය විය යුතු නැති බවයි. කෙසේ වෙතත්, ස්වභාවධර්මයේ පවතින වෛරස් මිනිස් සිරුරට ඇතුළු වීමේදී අනපේක්ෂිත ප්‍රතිඵල ඇති කළ හැකි බැවින් නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතු බව ඔහු අවධාරණය කරයි.

මෙම සූනොටික් (zoonotic) හෙනිපාවෛරස් වර්ගය පිළිබඳව කොවිඩ් වසංගතයෙන් පසු වැඩි අවධානයක් යොමුවී ඇති අතර, මිනිසුන්ට වැළඳෙන බෝවන රෝග වලින් 3 වන කොටසක්ම සතුන්ගෙන් පැමිණෙන බව එක්සත් ජනපදයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. වනජීවී සූරාකෑම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් අනාගතයේදී මෙවැනි රෝග තවදුරටත් පැතිර යාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර අනතුරු අඟවා ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu