කච්චතිව් ගිවිසුම් වෙනස් නොකරන බව ඉන්දීය මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

1974 සහ 1976 වසරවල ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇතිකරගත් කච්චතිව් දූපත් ගිවිසුම් යළි විවෘත කිරීමට හෝ වෙනස් කිරීමට කිසිදු අදහසක් නැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දන්වා සිටියේය.

ඉන්දීය නීතිපති ආර්. වෙන්කටරාමනී මහතා අධිකරණයට කරුණු දක්වමින්, ශ්‍රී ලංකාව සමඟ යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන බවත්, ධීවර ගැටලු රාජ්‍යතාන්ත්‍රිකව විසඳන බවත් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඉන්දියාව ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට බල කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

1974 ගිවිසුමෙන් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සහ 1976 ගිවිසුමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ධීවර අයිතිවාසිකම් සීමා කිරීමට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාග වෙමින් පවතී.

තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන්නේ ඉන්දීය මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත අඩුවීම නිසා බව ඉන්දීය රජය අධිකරණයට පෙන්වා දී ඇත.

2008 වසරේ සිට පවතින මෙම පෙත්සම් සම්බන්ධයෙන් ගිවිසුම්වල ව්‍යවස්ථානුකූලභාවය ගැන මෙතෙක් තීන්දුවක් ලබාදී නැති අතර, වැඩිදුර විභාගය 2027 පෙබරවාරි මාසය දක්වා කල් තබා ඇත.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu