gossiplanka alexa කොවිඩ් නිසා මාර්තු වනවිට තවත් ලක්ෂ 7ක් මරණයට පත්වනවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් නිසා මාර්තු වනවිට තවත් ලක්ෂ 7ක් මරණයට පත්වනවා

කොවිඩ් වෛරසය හේතුවෙන් ලබන වසරේ මාර්තු මාසය වන විට තවත් ලක්ෂ 7ක පමණ පිරිසක් මරණයට පත් වීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. යුරෝපයේ සහ මධ්‍යම ආසියාවෙන් මෙම මරණ වැඩි වශයෙන් වාර්තා වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. 

ඒ අනුව සමස්ත කලාපයේම කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 2.2ක් පමණ වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ. රටවල් 53කින් සමන්විත යුරෝපා කලාපය මේ වන විට නැවතත් කොවිඩ් වසංගතයේ කෙන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බව එම සංවිධානය පෙන්වා දෙනවා, 

යුරෝපා කලාපයේ සිදුවන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් කොවිඩ් වසංගතය නිසා වන අතර පසුගිය දිනවල මරණ සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි වී තිබෙනවා. මෙම කලාපයෙන් දිනකට කොවිඩ් මරණ 4200ක් පමණ වාර්තා වනවා. රුසියාවෙන් පමණක් දිනකට වාර්තා වන මරණ සංඛ්‍යාව 1200ක් පමණ වනවා. 

යුරෝපා කලාපයේ ඇතැම් රටවල් මේ වන විට නැවතත් අගුළුලෑම් ක්‍රියාත්මක කර තිබෙනවා. එසේම ප්‍රංශය, ග්‍රීසිය, ජර්මනිය වැනි රටවල් ඉදිරියේ දී සම්පූර්ණ එන්නත්කරණය සිදු කල පුද්ගලයින් ලෙස මාත්‍රා තුනක් ලබා ගත් පුද්ගලයින් පමණක් සලකනු ඇති බවද වාර්තා වනවා. 

යුරෝපා කලාපයේ වසංගත තත්ත්වය උග්‍ර වීමට බලපා ඇති හේතු ලෙස ශීත ඍතුව එළඹ තිබීම, එන්නත්කරණය අඩු මට්ටමක පැවතීම, වඩාත් වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය ප්‍රධාන ප්‍රභේදය බවට පත්ව තිබීම යන කරුණු විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu