gossiplanka alexa ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ අවදානමක්

මෙරට ස්ථාන කිහිපයකම ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරායාමේ සිද්ධීන් එක දිගට වාර්තා වුණා. එසේ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. 

නිසි අනුමැතියකින් තොරව ලිත්‍රො සහ ලාෆ් සමාගම් ගෑස් සංයුතීන් වෙනස් කර ඇති බව එම වාර්තාවල සඳහන්. 

ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් අඩංගු විය යුතු වනවා. නමුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෑස් සිලින්ඩරයක සංයුතිය ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් විසින් වෙනස් කර තිබෙනවා. ඒ SLSI අනුමැතියකින් තොරවයි. සමාන්‍ය පරිදි බියුටේන් සහ ප්‍රොපේන් 80:20  අනුපාතයකින් ගෑස් සිලින්ඩරයක අඩංගු වුව ද එය 50:50 ලෙසින් වෙනස් කර ඇති බවයි සඳහන් වන්නේ. 

මෙසේ සංයුතීන් වෙනස් කිරිම පිළිබඳව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා අදහස් පළ කර තිබුණා. 

"ගෑස් සිලින්ඩරයක බියුටේන් සහ ප්‍රොපේන් සංයුතිය 80% සහ 20% ප්‍රතිශතයකින් තිබිය යුතු නමුත් එය 50% සහ 50% ලෙස වෙනස් කර තිබෙනවා. විශේෂයෙන් මීට පෙර ගෑස් සිලින්ඩරයක් පාවිච්චි කරන ප්‍රමාණය මසක් නම් එය දින විස්සකට පමණ සීමා වනවා. ආහාර පිසීමේ ක්‍රියාවලියත් මන්දගාමී වනවා. ප්‍රොපේන් 50% දක්වා වැඩි කිරීම තුළ ගෑස් පිපිරීමක් සිදුවීම ඇති විය හැකි බැවින් ජනතාව දැඩි අවදානමකට පත්ව තිබෙනවා"

මේ සම්බන්ධයෙන් බන්ධුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් ද දැනුවත් කර ඇති බවත් නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් තුෂාන් ගුණවර්ධන මහතා වැඩි දුරටත් පවසා තිබෙනවා. 

Update : https://www.gossiplanka.com/2021/11/gas-cylinder-blast-reason.html

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu