gossiplanka alexa කොරොනාවේ ප්‍රභවය සොයන්න චීනයෙන් සහාය ඉල්ලයි, චීනයෙන් සාර්ථක ප්‍රතිචාර නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරොනාවේ ප්‍රභවය සොයන්න චීනයෙන් සහාය ඉල්ලයි, චීනයෙන් සාර්ථක ප්‍රතිචාර නැහැ

WHO request assists for corona research from chinaළිත් කොරෝනා වසංගත තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා අමෙරිකාව සිදු කරන පරීක්ෂණවල දෙවන අදියරට සහාය දෙන්නැයි අමෙරිකාව චීනයෙන් ඉල්ලා සිටිනවා. වෛරසයේ ප්‍රභවය සොයා සිදු කරන පරීක්ෂණ වල දෙවන අදියර නුදුරු දිනකදීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

මෙම පරීක්ෂණ සඳහා අවශ්‍ය දත්තයන් ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර ඇතත් මේ දක්වා ද එයට චීනයෙන් සාර්ථක ප්‍රතිචාර ලැබී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රෝගය මුලින්ම වාර්තා වූ වුහාන් නගරය කේන්ද්‍ර කර ගත් දත්ත සහ පළමු වටයේ ආසාදිතයින් පිළිබඳ දත්ත තමන් වෙත ලබා දෙන ලෙසයි ඉල්ලීම් කර ඇත්තේ. 

එසේ දත්ත සම්පූර්ණයෙන් ලබා දීමෙන් පුද්ගලිකත්වයට ගැටළු ඇතිවිය හැකි බවත් මේ වන විටත් විද්‍යාව මඟින් ගැටළුව විසඳා ඇති බවත් චීන විද්‍යාඥයින්ගේ අදහස වනවා.

කොරෝනා වෛරස් ප්‍රභේදය සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ බවට මූලිකව විශ්වස කෙරුණත් එය විද්‍යාගාරයකින් පැමිණි එකක් ලෙස ද මේ වන විට සැක පහළ වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ චීනය දත්ත ලබා නොදීමෙන් මෙලෙස හැසිරීම වගකීම් විරහිත සහ භයානක එකක් බවයි  ධවල මන්දිරය මාධ්‍ය ලේකම්වරිය වන ජෙන් පාස්කි අවධාරණය කරන්නේ. 

තවදුරටත් පරීක්ෂණ පවත්වා කොරෝනා වෛරසයේ ප්‍රභවය සොයා ගත යුතු බවයි විද්‍යාඥයින් දිගින් දිගටම කියා සිටින්නේ. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම අමෙරිකාව ඇතුළු බොහෝ රටවල් ගණනාවක්ම මෙම පරීක්ෂණය සඳහා සහාය දෙන්නැයි චීනයෙන් ඉල්ලා සිටිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu