gossiplanka alexa කුකුල් කූඩුවක දම්වැලකින් ගැට ගසා සිර කෙරූ දැරියක් ගැන පුවතක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුකුල් කූඩුවක දම්වැලකින් ගැට ගසා සිර කෙරූ දැරියක් ගැන පුවතක්

girl imprisoned with iron chainයස අවුරුදු 14ක දැරියක් කුකුල් කූඩුවකට දමා දම්වැලකින් ගැට ගසා ඇය කෲරත්වයට පත් කිරීමේ පුවතක් නොරොච්චෝල, ආලන්කුඩාව, මූනේ ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

මෙම දැරිය එසේ දම්වැලකින් ගැට ගසා කූඩුවට දමා සිටිය දී දම්වැල ගලවාගෙන ගොස් ඒ අසල නිවසක පුද්ගලයින්ට මේ බව පැවසීමෙන් පසුව ඔවුන් එය පොලීසියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම දැරියව මුදාගෙන සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම දැරිය වයස අවුරුදු 7 සිට ඇයගේ නැන්දා (පියාගේ සොහොයුරිය) ගේ නිවසේ රඳවා තිබෙනවා. ඒ ඇය මවුපියන්ගේ උපදෙස් නොතකමින් නිරුවතින් සිටීමත්, අහල පහළ නිවෙස්වලට ගොස් බලහත්කාරයෙන් ආහාර ලබා ගැනීමත් ඇතුළු විවිධ අසාමාන්‍ය ක්‍රියා සිදු කිරීම හේතුවෙන්. දැරියගේ මව කුලී වැඩට යෑමත් පියා කලපු ‍රැකියාවට යාමත් නිසා මෙලෙස ඇය බලා ගැනීමට ඇයගේ නැන්දාගේ නිවසේ රඳවා තිබෙනවා.  ඇයගේ නැන්දා දේවාලයක් පවත්වාගෙන යන තැනැත්තියක්. 

නැන්දාගේ නිවසට පැමිණීමෙන් පසුව ද දැරිය අසාමාන්‍ය ක්‍රියා සිදු කරමින් නිවසේ ‍රැඳීමත්, විටින් විට නිවසින් පැන යාමත්, අසැල්වැසි නිවෙස්වලට ගොස් බඩුභාහිරාදිය කඩා බිඳ දැමීමත් නිසා ඇයව මෙලෙස කුකුල් කූඩුවකට දමා දම්වැලකින් ගැට ගසා සිර කර ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා. 

ඇයව සිර කර සිටි කුකුල් කූඩුව අඩි  4 X 4 ප්‍රමාණයේ එකක් වන අතර එය වටා පොල් අතු දමා ආවරණය කර තිබූ බව සඳහන්. අයගේ දෑතට දැමූ දම්වැල සුනඛයින් ගැට ගැසීමට භාවිතා කරන එකක් බව ද තොරතුරු අනාවරණය වී තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ නැන්දා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා. 

දැරියගේ මව ද ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇති අතර අයට තවත් බාල වයසේ දරුවන් ද සිටින බව පැවසෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu