gossiplanka alexa දැරිය පිළිස්සී පැය දෙකක් පමණ පොකුණක බස්සවා තිබිලා, රෝහලට ගෙන ගොස් නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දැරිය පිළිස්සී පැය දෙකක් පමණ පොකුණක බස්සවා තිබිලා, රෝහලට ගෙන ගොස් නැහැ

Servant Girl Investigationරිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ‍ෆිනි ඇවිලී මියගිය දැරියගේ මළ සිරුර යළි ගොඩගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ඩ්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (26) නියෝග කළා. 

මෙම දැරිය සම්බන්ධයෙන් දුර්වල මරණ පරීක්ෂණයක් සිදු වී ඇති බවට සැකයක් පවතින බැවින් නැවත විධිමත් වෛද්‍ය කණ්ඩායමක් පත් කර මරණ පරීක්ෂණය පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස පැමිණිල්ල විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග ලබා දී තිබෙනවා. මෙම විමර්ශන මුල් අවධියේ පැවතීම හේතුවෙන් රිෂාඩ් බදුර්දීන්ගේ බිරිය ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්. 

මෙම සැකකරුවන් රටේ යම් තනතුරක් දරන බලයක් හිමි පුද්ගකයෙකුගේ පවුලක සාමාජිකයින් වන බැවින් සැකකරුවන්ට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා වන බවත් සාක්ෂිවලට, සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇති විය හැකි සේම සාක්ෂි අතුරුදන් විය හැකි බව නිරීක්ෂණය කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන බව මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පැවසුවා. 

එසේම සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ කුළුණු වාර්තා ලබා ගැනීමට සහ මූල්‍ය වාර්තා බැලීම සඳහා බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ඒ ඒ ආයතනවලට පැමිණිල්ලට අවසර ලබා දෙන ලෙසට මහ්ස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළා. අසනීප තත්ත්ව ඇති බව සඳහන් කළ සැකකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ද මැහස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාගේ අවධානයට යොමු කර සිටියා. 

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියොපජනය කරමින් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරා දිලීප පීරිස් මහතා දැක්වූ අදහස් :

පසුගිය ජුලි මස තුන්වෙනි දින බෞද්ධාලෝක මාවතේ රිෂාඩ් බදුර්දීන් යන අයගේ නිවසේ සේවය කල ජූඩ් කුමාර් ඉෂාලිනි නම් වයස අවුරුදු 16ක දැරිය පිලිස්සීමට ලක්ව ජාතික රොහලට ඇතුළත් කරනු ලැබුවා. පසුව දින 12 පසු තුවාලවල ඇති වූ ආසාදනය හේතුවෙන් එන දැරිය මියගිය අතර ඇය සම්බන්ධයෙන් පැවැත්වූ මරණ පරීක්ෂණ වාර්තා අනුව දැරිය දීර්ඝ කාලීනව ලිංගික අතවරයන්ට ලක්ව ඇති බව අනාවරණය වුණා. පැමිණිල්ල විසින් 24 වෙනි දින අධිකරණයෙන් ඉල්ලීමක් කර මෙම සැකකරුවන් පැය 42ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්තා. 

අද දින පැමිණිල්ල විසින් පි‍ටු අටකින් යුත් දීර්ඝ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර සිටිනවා. මෙම දැරිය මරණයට පත් වූයේ කෙසේ ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කරනවා. දැරිය 03 වෙනි දින උදෑසන 6.45 පමණ ගිනි ගැනීමට ලක්ව තිබුණා. නමුත් දැරියව රෝහලට ‍රැගෙන ගොස් ඇත්තේ උදෑසන 8.20ට පමණ. ඒ වන තෙක් එම දැරිය ගිලන් රථයක් පැමිණෙන තෙක් නිවසේ තබාගෙන තියෙනවා. ස්වයං ගිනි තබා ගැනීමක් ලෙස තමා බැලූ බැල්මට අනාවරණය වී තියෙන්නේ. 

එම දැරිය වාසය කල කුඩා කාමරය පරීක්ෂා කර බැලීමේ දී එහි තිබී 2020 ජූලි මස නිෂ්පාදිත බවටත් 2021 ජූලි මස එහි කල් ඉකුත්වීම ලෙස සඳහන් බෝතලයක් තිබුණා. එම බෝතලය තුළ භූමිතෙල් බවට හඳුනාගත හැකි ද්‍රාවණයක් හා දැරියගේ කොට්ටය අසල කහ පාට ලයිටරයක් අපට සොයා ගැනීමට හැකිවුණා. නමුත් අප කරන ලද විමර්ශනවලදී මෙම නිවසට කිසි දිනක භූමිතෙල් ගෙන නොයන බව මෙම දැරියට පෙර සේවය කළ වෙල්ලසාමි වල්ලි අම්මා නම් දැරිය පොලීසිය හමුවේ පවසා තිබුණා. 

එම නිවසේ වාසය කරන රිෂාඩ් බදුර්දීන්ගේ බිරියගේ මව වන අබ්දුල්ලා ජෙහාරා නැමැති කාන්තාවගෙන් පොලීසිය කරන ලද ප්‍රශ්නකිරීම්වලදී මෙම හමු වූ භූමිතෙල් බෝතලය මීට වසර එකහමාරකට පමණ පෙර නිවසේ සිටි රියදුරාට කියා ගෙන්නා ගත් බව ඇය ප්‍රකාශ කර තිබෙනවා. භූමිතෙල් බෝතලයේ මූඩිය තදින් වසා තිබූ අතර එම දැරිය සිටි කාමරයේ යම් කොළ වැනි යමක් පිළිස්සී තිබූ බව පෙණුනා. 

මෙම දැරිය සිරුරට ගිනි ඇවිළී කුස්සිය අහ්රහා ඉදිරියට දුවගෙන එනවා. ඒ අවස්ථාවේ ඇයව ඉදිරියේ ඇති පොකුණට බස්සවා තියා පසුව 1990 හදිසි ගිලන් රථ සේවය අමතා එම රථය එන තෙක් බලා සිට තියෙනවා. තමන්ගේ දරුවෙකුට මෙලෙස අනතුරක් වුණානම් ඔහොම පැය දෙකක් පුරා බලාගෙන ඉන්නව ද රෝහල වෙත ගෙනයන්න. ගිලන් රථ එනකල් ඉන්න ඕන නෑ. මේ න්විඅසේ වාහන තියනවා. ඔවුන්ට රියදුරන් දෙදෙනෙක් ඉන්නවා. තම න්විඅසට මාස 8ක් පුරා මෙහෙකාර සේවය සිදු කල දැරියක් අහම්බෙන් හෝ ගිනි ගැනීමකට ලක් වුණානම් රජයේ වාහන එනකල් බලන් ඉන්න ඕන නෑ. ගෙදර වාහනයකින් අරන් යන්න තිබ්බා ඉක්මනින් දැරිය රෝහලකට. ඇයි එහෙම නොකළේ. 

මෙම දැරිය රෝහල වෙත ගෙන යන විටත් 72%ක් පමණ ශරීරය පිලිස්සිලා තිබුණේ. දැරිය රෝහලට යොමු කරලා සැකකරුවන් දැරියගේ මව්පියන්ට මේ බව දැනුම් දී තිබෙනවා. ඔවුන් රෝහල් වෙත එනවා දැරිය බලන්න. නමුත් ඔවුන්ට දැරිය බලන්න ලැබෙන්නේ නැහැ. ඒ අනුව ඔවුන් ආපසු ගෙදර යනවා. මෙම දැරියගේ සහෝදරයාට මෙම සැකකරුවන්ගේ නිවසින් කතා කර තියෙනවා. එහිදී පොලිස් ඇඳුමක් ඇඳගත් යම් පුද්ගලයෙකු සහෝදරයා හමුවේ පවසා ඇත්තේ 'මේ ගෙදර අය ඕනකමින් දැරියට මෙහෙම කරලා නෑ. මොකක්හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. මේක ලොකුවට ගොඩක් දුර අරන් යන්න එපා. එහෙම ඕන නෑ' කියා පවසා තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් ද අපි විමර්ශනය කරනවා. පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන දැරියගේ සහෝදරයා හමුවී එලෙස පවසා ඇත්තේ කවුද කියා අපි විමර්ශනය කරනවා. ඔහු කවුරු වුණත් හොයාගෙන නීතිය හමුවට ගෙන එනවා. රිෂාඩ් බදුර්දීන්ගේ ලේකම්වරයා විසින් ද මෙම දැරියගේ පවුලට රුපියල් 50,000 ක මුදලක් ලබා දී මෙය ඉදිරියට ගෙන නොයන ලෙසට ප්‍රකාශ කර ඇති බව අනාවරණය වුණා.

දැරිය රෝහලට ඇතුළත් කිරීමේ දී දැරියගේ නම දාලා තියෙන්නෙ ඉශානි කියලා. ඒක කපලා ඉෂාලිනි කියලා දාලා. වයස අවුරුදු 18 දාලා. සමහර ප්‍රතිකාර සටහන්වල ඉශානි කියලා තියනවා. හරියට සිංහල නමක් වගේ පෙන්වන්න. මේ නඩුවේ දෙවැනි සැකකරුවන රිෂාඩ් බදුර්දීන්ගේ බිරියගේ පියා තමයි දැරියව රෝහල වෙත ඇතුළත් කරලා තියෙන්නේ. 

එම පියා විසින් තමයි මෙම දැරියව මෙහි පළමු සැකකරුවන තැ‍රැව්කරු මාර්ගයෙන් රුපියල් 25,000ක වැ‍ටුපකට මෙම දැරියව ගෙන්වා ගෙන තියෙන්නේ. මෙම දැරිය ලිංගික අපචාරයට මෙම දෙවැනි සැකකරු ලක් කර ඇති බවට අනාවරණය වනවා. දැරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පොලිස් නිලධාරියෙක් ළඟට ගොස් තියෙනවා. ඒ අවස්ථාවේ දී දැරිය ''මාව ටිකක් උස්සන්න, ගහන්න එපා, ඇයි ඔය ෆෝන් එක, කියන්නම්, ගහන්න එපා' යනුවෙන් පවසා තියෙනවා. 

ජුඩ් කුමාර් වන දරියගේ පියා ඔහුගේ ප්‍රකාශයෙන් කියලා තියනවා පසුගිය 20 වෙනි දින රිෂාඩ්ගේ බිරිය ඇයගේ මව සහ පියා විසින් දරිය නූලක් පත්තු කිරීමට යාමේ දී මෙම ගිනි ගැනීම සිදුවූ බව පවසා ඇති බව. නමුත් මොවුන් විසින් පොලීසිය කරන ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඔවුන් නිදා සිටින විට දරියගේ ශබ්දය ඇසී දුවගොස් බලන විට දැරිය පිලිස්සී ඇති බව දු‍ටුවා කියාය. මෙම දැරිය ගෙන ආ පසු දැරියගේ මවට පවා දැරිය සමඟ කතා කිරීමට අවස්ථාව ලබා දී නැහැ. 

ජූනි මස 6 වන දින දැරියගේ මව සමඟ කතා කිරීමට ඇයට අවස්ථාවක් උදා වූ විට ඇය කියලා තියනවා මේ ගේදර අය මට පහර දෙනවා ඇවිත් මාව අරන් යන්න කියලා. නමුත් පළමු සැකකරුවන තැ‍රැව්කරුට දරිය ගෙනත් දීම වෙනුවෙන් බදුර්දීන්ගේ නිවසින් ලක්ෂ දෙකක පමණ මුදලක් ගෙවා තිබෙනවා. දැරියගේ මවට එන නිවසේ සැකකරුවන් පවසා ඇත්තේ දැරිය ‍රැගෙන යනවා නම් දීපු සල්ලිවලට හරියන්න අම්මට හරි වැඩ කරන්න කියලා. අම්මා එයට කැමති වෙලා. ළමයට ගහන්න එපා මම එන්නම් වැඩට කියලා. එහෙම කියලා දින තුනක් ගිහින් තමා දැරිය මෙලෙස බරපතල ලෙස පිළිස්සීමට ලක්වෙලා තියෙන්නේ. 

මෙම දැරිය ගෙනවිත් බදුර්දීන්ගේ නිවසේ පිටතින් තියන කුඩා ගබඩා කාමරයක තමයි තබා තිබෙන්නේ. එම කාමරයේ රාත්‍රියේදිවත් විදුලි එළියක් නැහැ. දැරිය රාත්‍රියේ දී පවා කළුවරේ තමයි ඉදලා තියෙන්නේ. එම විශාල නිවසේ කාමර හත අටක් පමණ තිබෙනවා. 

දැරියගේ මව්පියන් අවස්ථා තිනක දී පමණ දැරිය බලන්න පැමින තියෙනවා. නමුත් මොවුන් දැරිය බලන්න ඉඩ දීලා නැහැ. 

ආශ්‍රිත : මවුබිම










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu