Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label reject. Show all posts

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතා ගැටළුවට අවසන් විසඳුමක් ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ඊයේ (12) අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිවරයා ලබා දුන් විසඳුම වූයේ ගුරු -විදුහල්පතිවරුන්ගේ වැ‍ටුපට එකතු කළ යුතු මුදල තුනකට බෙදා ඉන් එක් කොටසක් 2022 ජනවාරියේ දී ලබා දීමටත් ඉතිරි කොටස් දෙක 2023 ජනවාරියේ දී එකවර ලබා දී නිම කිරීමටත් ය. 

හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් කල ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අභූත චෝදනා නගන්නේ නම් එවැනි කොමිසමක තව දුරටත් ‍රැඳී සිටීම ඵලදායක නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එවැනි අභූත චෝදනාවලට යටත් වීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි ද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියා. 

පෞද්ගලික අංශයේ සේවකයින්ට අස වැ‍ටුප් ගෙවීම පසුගිය මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා පැවති අතර ඉන් පසුව එය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කෙරුණා. ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාගම්වල ආදායම් තත්ත්වය පහත වැටීම හේතුවෙන්. 
 

https://www.gossiplanka.com/2020/08/ranil-reject-party-leadership.html
සර ගණනාවක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටිනවා. 

https://www.gossiplanka.com/2020/07/phi-reject-duty.html
හජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියළු බෝවන රෝග පාලන රාජකාරි වලින් අද (19) සිට ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගිය (17) සිට තමන් කොවිඩ් - 19 පාලන රාජකාරී වලින් ද ඉවත්වන බව ප්‍රකාශ කලා.

https://www.gossiplanka.com/2020/07/phi-officers-reject-duty.html
මන්ට නීතියේ ‍රැකවරණය නොමැතිව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන යන කටයුතුවලට සහභාගී විය නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුතුවලින් ඉවත් වීමටතීරණය කර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/07/america-reject-who.html
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ යැයි චෝදනා කරමින් එයට ලබා දෙන අරමුදල් කප්පාදු කරන බවට පසුගියදා අමෙරිකාව ප්‍රකාශ කර තිබුණා. එයින් නතර නොවුණ අමෙරිකාව දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට තීරණය කර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/06/sajith-candidate-reject.html
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් ඇතුළව තවත් ප්‍රබලයින් 10දෙනෙකු සජිත් පිල අතහැරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් එළඹෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති බවද වාර්තා වනවා. එම අපේක්ෂකයින් සමඟ තවත් වැඩි පිරිසක් පක්ෂයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ.

https://www.gossiplanka.com/2020/06/brasil-reject-who.html
ලෝක සෞඛ්‍ය සංවිධානය පක්ෂග්‍රාහී දේශපාලන සංවිධානයක් බව පවසමින් බ්‍රසීලය එම සංවිධානයෙන් ඉවත්වන බවට එරටේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ තර්ජනය කට තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රසීලයට අනතුරු අඟවමින් කියා ඇත්තේ නව කොරෝනා වෛරසය පහව යාමට පෙර එරටෙහි අගුළු විවර කිරීම ඉතා අවදානම් බවයි. මෙයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා එලෙස තර්ජනය කර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/06/rosi-senanayaka-reject.html
දැනට කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය දරන රෝසි සේනානයක මහත්මිය එම ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල් මහතා පත් කිරීමට යෝජනා වී තිබෙනවා. කොළඹ මහ නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 60 දෙනාගෙන් 58 දෙනෙකු සහභාගී වූ සාකච්ඡාවක දී මේබව තීරණය වී තිබෙනවා. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ‍රැස්වීම පැවැත් වී ඇත්තේ සිරිකොත කාර්යාලයේ දීය.

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තාවන කොරොනා වෛරස් ආසාදිත මරණ 25,000 ඉක්මවා තිබෙන අතර රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් අමෙරිකාවෙන් වාර්තා වූ මරණ ගණන 2129ක්.මෙය ද්නකදී රටක් තුල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා.  

කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩි කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට  ලබා දුන් උපදෙස් නොතකා කටයුතු කිරීම නිසා වෛරස් ව්‍යාප්තිය 04 වන අදියරට ද පැමිණ සමාජයේ ව්‍යාප්තවනුඅ එතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
 

gossip lanka news
මස්ත ලංකා හෙද සංගමය විසින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් ලිපියක් යොමු කරමින් කියා ඇත්තේලබන 7 වෙනිදාට පෙරතමන්ට ඇති ගැටළු විසඳා දිමට කටයුතු නොකළහොත් සියළුහෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර වාට්‍ටුවලින් ඉවත් වන බවයි.

මන් භාවිත කළ නිල නිවාසවල තවදුරටත් රැඳී සිටීමට ඉඩ දෙන ලෙස ඉල්ලා පසුගිය එක්සත් ජාතික පක්ෂ යහපාලන රජය සමයේ හිටපු ඇමැතිවරුන්ගෙන් 14 දෙනකු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ලියවිල්ලක් යොමුකර තිබෙනවා. 

එහෙත් එම ඉල්ලීමට  කිසිසේත්ම ඉඩ දිය නොහැකි බව  පවසමින් එම ඉල්ලීම ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා විස්න් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපතිවරණයෙන් පසු නිල නිවාසවලින් ඉවත් වීම සඳහා තෙමසකට වැඩි කාලයක් සියලුම හිටපු ඇමැතිවරුන්ට රජයෙන් ලබාදී තිබුණා.

ධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර, වැලිගමදි පැවති උත්සවයකදි අදහස් දක්වමින් ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනේ ඇති මැදිහත්වීම් පිළිබඳ කතා කළා.

ඇමතිවරයා එහි දී ප්‍රකාශ කළේ ක්‍රිකට් තීන්දුවලින් සියයට සීයක්ම දේශපාලන මැදිහත් වීම් ඉවත් කර ඇති බවයි.

එසේම සිම්බාබ්වේ තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් පෙරේරා ඉවත් කිරිමට ගත් තීරණය පිළිබඳව තමන් ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා සිටි බවත් ඇමතිවරයා පැවසුවා.

gossip latest
ක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ 40/1 යන යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ඉවත්වීම පිළිබඳ මේ දිනවල කතා බහට ලක් වනවා. නමුත් මෙම යෝජනාවලින් කියවෙන්නේ කුමක්ද යන්න බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. උදය ගම්මන්පිළ මහතා මෙම යෝජනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් මාධ්‍යයට කර තිබෙනවා. එම ප්‍රකාශයට අනුව මෙම යෝජනාව කුමක්ද යන්න සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකියි. 

30/1 සහ සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණු 40/1 යන යෝජනා දෙක අතර වෙනස කුමක්ද? 
40/1 යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වෙන්නේ ඇයි?

lanka gossip hit
සුගියදා පැවති එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරුන් කතාබහ කර  ඇත්තේ සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුවේ හිඟ බිල්පත් පියවීම සඳහා ලබන 20දා රජය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ මුදල් ප්‍රතිපාදන යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමේ සැලසුම පිළිබඳවයි.

ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීන්ට නඩු පවරා සිරගත කිරීමට තැත් කිරීම, විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම ආදී කාරණා ගෙන හැර දක්වමින් මෙම මුදල් යෝජනාව පරාජය කළයුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් ගණනාවක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ගැන පසුගිය දින කිහිපයේම සාකච්ඡා කළ බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

චීනයේ වුහාන් නගරයේ සිටි සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාකල ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට දැඩි අසිරුතාවායකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ එම කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේම දරුවන්ට පාසල් වලට ඇතුළු වීමට විදුහල්පතිවරුන් විසින් අවසර දී නොමැතිවීම හේතුවෙන්. එසේම එම පාසල්වල දෙමාපියන් ද විරෝධතාව දක්වා තිබෙනවා. 

 කොරෝනා ආසාදිත යැයි සැලකෙන පිරිසක් රැගෙන ඒම හේතුවෙන් ඔවුන්ගෙන් තම දරුවන්ට එම වෛරසය ආසාදනය වේ යයි බියෙන් ඔවුන් මෙම විරෝධතාව දක්වා තිබෙනවා.


රත් ෆොන්සේකා මහතා  සහ අජිත් පී පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බවට මීට පෙර වාර්තා වුණා. එක්සත් ජාතික පක්ෂ අළුත්ම වාර්තා සඳහන් කරන්නේ එම කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් රෝසි සේනානායක මහත්මිය සහ ඉමිටියාස් බාකීර් මාකර් යන දෙදෙනා ද ඉවත් කර ඇති බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page