gossiplanka alexa ආගමික නිකායක සෞඛ්‍ය සේවකයින් කල ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආගමික නිකායක සෞඛ්‍ය සේවකයින් කල ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

නිව්යෝක් නගරයේ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් ඇමරිකානු රජය විසින් පනවන ලද නියෝගයට අතුරු තහනම් නියෝගයක් ඉල්ලා එරට එක්තරා ආගමික නිකායක වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. 

රජය විසින් ආගමිකත්වයට අනුව වෙනස් ලෙස නොසැලකිය යුතු බවට හෝ සේවකයන්ගේ ආගමික විශ්වාසයන්ට සාධාරණ ලෙස ඉඩ සැලසීමට සේවායෝජකයන් කටයුතු කළ යුතු බවට, අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය මගින් මහජන අයිතිවාසිකම් තහවුරු කර ඇති බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවකයින් මෙම පෙත්සම ඉදිරිපත් කලා. එන්නත්කරණය තම ආගමික විශ්වාසයන්ට පටහැනි බව ඔවුන් විසින් ඉදිරිපත් කල තර්කය වුණා. 

කෙසේ වෙතත් ඔවුන් ඉදිරිපත් කල එම පෙත්සම එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. සමස්ත තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු බහුතරය පැවසූයේ, රජයේ නියෝගයේ නිත්‍යානුකූලභාවය පිළිබඳව නඩු දෙකක් පහළ උසාවිවල විභාග වන බැවින්, ආගමික නිදහස් කිරීම සඳහා එහිදී අවසර ලැබෙන තුරු අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කරන ලද මෙම හදිසි ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි. 

සෞඛ්‍ය සේවකයින් එන්නත් කිරීමේ විධානයට ආගමික නිදහස යටතේ අභියෝග කිරීමට අවසරයක් නොමැති බවට එරට අධිකරණය මීට පෙර ද තීන්දුවක් ලබා දී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu