gossiplanka alexa ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහ කෝලි අතර මත ගැ‍ටුම් උග්‍ර වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහ කෝලි අතර මත ගැ‍ටුම් උග්‍ර වෙයි

න්දීය ටෙස්ට් ක්‍රිකට් නායක විරාත් කෝලි ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත ඉන්දියා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් කෝලි ඉවත් කිරීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. 

ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් එක්දින සහ 20-20 ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල නායකත්වය ආරම්භක පිතිකරුවන රෝහිත් ෂර්මාට පැවරූ අතර ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පමණක් විරාත් කෝලිට පවරා තිබුණා. එම කරුණ සම්බන්ධයෙන් විරාත් කෝලි සහ ක්‍රිකට් බලධාරීන් අතර මතභේදාමක තත්ත්වයක් මතුව තිබෙනවා. 

එහි ප්‍රතිලපයක් ලෙස විරාත් කෝලි දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට දන්වා ඇත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය සංචාරයට අදාළව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා තමන් නායකත්වය ලබා දීමට සූදානම් බවත් පෞද්ගලික හේතුවක් නිසා එක්දින තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් ය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu