ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම් උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (28) කැලණිය නාගානන්ද බෞද්ධ විශ්වවිද්යාලයේදී ආරම්භ වේ. අද සිට ලබන නොවැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සම්මේලනයේ විශේෂ වැඩසටහන් කිහිපයක් මහනුවර සහ අනුරාධපුර යන ඓතිහාසික නගරයන්හිදී ද පැවැත්වීමට සංවිධානය කර ඇත.
මෙම ජාත්යන්තර සම්මේලනය සඳහා ලොව පුරා බෞද්ධ රටවල් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු 600 කට අධික දූත පිරිසක් සහ විදෙස්ගත ශ්රී ලාංකිකයින් 250 ක් පමණ සහභාගී වීමට නියමිතය. ඊට අමතරව මෙරට භික්ෂූන් වහන්සේලා 250 නමකට ආසන්න සංඛ්යාවක් ද මෙම ඓතිහාසික අවස්ථාවට එක්වෙති.

