ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත විකුණූ මෙටා සමාගමට අධිකරණයෙන් දැඩි දඬුවම්

පරිශීලක දත්ත ආරක්ෂා කිරීම පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාව මත, ඇමෙරිකානු අධිකරණයක් විසින් මෙටා සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර තිබේ. මෙය, සමාගමකට මෙතෙක් පනවන ලද විශාලතම දඩය ලෙස සැලකේ.

මෙම දඩය පනවන ලද්දේ නිව් මෙක්සිකෝ අධිකරණය විසිනි. මෙම දඩ මුදල, මෙටා සමාගම නිව් මෙක්සිකෝ ප්‍රාන්තයෙන් එකී කාර්තුවේදී උපයන ලද ලාභයට සමාන බව සඳහන් වේ.

පරිශීලකයන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ දත්ත තෙවන පාර්ශව වෙත ලබා දීම සම්බන්ධයෙන් ද, පරිශීලකයන් නොමඟ හැරීම සම්බන්ධයෙන් ද මෙටා සමාගම අධිකරණය විසින් වරදකරු කරනු ලැබීය.

මෙටා සමාගමට එරෙහිව පනවන ලද මෙම විශාල දඩය, සමාගමකට එරෙහිව පනවන ලද විශාලතම දඩය ලෙස සැලකෙන අතර, එය සමාගම්වල දත්ත ආරක්ෂණය පිළිබඳ වගකීම් වැඩිදියුණු කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu