gossiplanka alexa මහේල ප්‍රධාන පුහුණුකරු තනතුරක් ප්‍රතික්ෂේප කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහේල ප්‍රධාන පුහුණුකරු තනතුරක් ප්‍රතික්ෂේප කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මහේල ජනවර්ධනට ලබා දිමට ඔවුන් තීරණය කර තිබුනත් මහේල ජයවර්ධන එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්තය අළු බඳුන තරඟාවලියේ දී ලබා ගත් දරුණු පරාජයන් හමුවේ ධූරයෙන් ඉවත් කරනු ලැබුවා. 

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ද ක්‍රිස් සිල්වර්වුඩ් ය. 

එංගලන්ත ටෙස්ට් හා සීමිත පන්දුවාර කණ්ඩායම් වෙනුවෙන් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කිරීමට තීරණය වී තිබූ අතර ඒ සඳහා යෝජනා වී තිබුනේ මහේල ජයවර්ධන සහ ඔස්ට්‍රේලියානු හිටපු නායකයෙකු වන රිකී පොන්ටින් ය. නමුත් මෙම දෙදෙනාම එම ධූරයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මේ වන විට එංගලන්තයේ අවධානය යොමුව ඇත්තේ කොදෙව් හිටපු ක්‍රීඩකයෙකු වන ඔටිස් ගිබ්සන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu