Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label coach. Show all posts

හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් කල ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

සුගිය ලෝක කුසලනයේ දී ශ්‍රී ලංකා පිළ පෙන්වූ අසාර්ථක භාවය නිසා සියළු පුහුණුකරුවන් ඉවත් කරන ලෙස හරින් ප්‍රන්නදු දන්වා තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් ඇති වන අපකීර්තිය පෙන්වා දීමත් සමග නවසීලන්ත තරඟය දක්වා පුහුණුකරුවන්ගේ කාලය දීර්ඝ කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

පසුගිය දා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීම සඳහා ලොව ප්‍රධාන පෙලේ පුහුණුකරුවන් පස්දෙනෙකු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව  ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (02) මාධ්‍ය වෙත ප්‍රකශ කලා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත් කරගැනීමට තමා උත්සාහ දැරූ බවත්  ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඔහු කියා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් මහේල ජයවර්ධනට කෙටි පණිවිඩ මගින් දැනුම් දුන් බවයි. 

න්දියානු ක්‍රිකට් ආයතනය මේ දිනවල තම කණ්ඩායමට සුදුසු පුහුණුකරුවෙකු සොයා ගැනීමට වෙහෙසෙමින් සිටිනවා. නව ප්‍රධාන මුහුණුකරු ධූරය  සඳහා යොමු කර ඇති ඉල්ලුම්පත් ගණන හයක්. එයින් තිදෙනෙකු සඳහා ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. 

ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමේ ප්‍රධාන සුදුසුකම ලෙස දක්වා තිබුණේ අවසන් වසර දෙකේදී ජාත්‍යන්තර අත්දැකීම් තිබීම සහ ටෙස්ට් තරග 30 ක් හෝ එක්දින තරග 50 ක් ක්‍රීඩා කර තිබීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා කළ නියෝගය පිළිබද තමන් කිසිවක් දැන නොසිටි බවයි. 

"කිසිවෙකු ඒ සම්බන්ධයෙන් මා සමඟ කතාබහ කරලා නැහැ. අවංකව කියනවනම් මම දැං තමයි මේ සම්බන්ධයෙන් දැනුවත් වන්නේ. ඒක තමයි ඇත්ත. මේ දක්වා මම ඒ ගැන හිතලවත් නැහැ. ඔවුන් මා සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබඳ මට බලා සිටින්නට සිද්ධ වෙනවා. ඊට පස්සේ මම මගේ තීරණය ගන්නවා" යැයි ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

ක්‍රී ඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සියළු ධූරවලින් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට දැනුම් දී තිබෙනවා. එසේ ඉවත් වීමට දැනුම් දී ඇත්තේ ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් පසුවයි.

මෙම දැන්වීම් සියල්ල ලබා දී ඇත්තේ ලිඛිතව යි.

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියෙදී ඉන්දියා කණ්ඩායමට අවසන් තරඟයට ඒමට නොහැකි වීම එරට ක්‍රිකට් උඩු යටිකුරු කරන්නට සමත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉන්දියානු ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයම විසුරුවා දැමීමටයි.

පුරප්පාඩූ වූ තනතුරු වලට නව ප‍්‍රධාන පුහුණුකරුවකු සහ සහාය පුහුණුකාර්ය මණ්ඩලයක් පත්කිරීමට එරට ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර ඒ සඳහා මේ වන විට ඉල්ලූම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

2017 වසරේ දෙසැම්බර් මස සිට වසරකට රුපියල් කෝටි 6කට ආසන්න (දිමනා නොමැතිව) වැටුපක් ලබන බවට පැවසෙන එමෙන්ම ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රිකට් පුහුණුකරුවන් අතරින් සිවුවැනියා බවට පත්ව සිටින චන්දික හතුරුසිංහගෙන් අපේක්ෂිත සේවාව ඉටුවුණාද කියා කිසිවකුට හෝ ප්‍රශ්නයක් මතු නොවේ නම් එය පුදුමයකි. 

එයට ආසන්නතම හේතු ගණනාවක් ඇත. හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වය යටතේ 2018 වසරේ ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 36කට සහභාගි වී ජයග්‍රහණ 10ක් ලබා ඇති නමුත් පරාජයන් 22ක්ද, ටෙස්ට් තරග 16කදී 6ක් ජයගෙන පරාජයන් 7ක්ද, විස්සයි-20 තරග 10කට සහභාගි වී තරග 8ක්ම පරාජය වී තිබීමේ වගකීමෙන් නිදහස් වීමට ඔහුට හැකියාවක් නැහැ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමකට හෝ පුහුණු සංචිතයකට අනුයුක්ත කිරීමට අදහස් කර් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලන්ඩන් නුවරදී පවසා තිබෙනවා. 

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ලංකා කණ්ඩායමට පුහුණුකරුවෙකු ‍තෝරා ගැනීමට ලෝක ක්‍රිකට් පිටියේ නම ගිය පුහුණුකරුවන් කිහිපදෙනකු  සාකච්ඡා පවත්වා ඇති බවට වාර්තා වනවා. 

ශ්‍රී ලංකා හිටපු පුහුණුකරුවෙකු වන එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රාස් සහ සිම්බාබ්වේ හිටපු ක්‍රීඩක සහ පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පිතිකරුවන්ගේ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මේ අතර විශේෂ ස්ථානයක් ගන්නා බවද වාර්තා වනවා. 

ම පුහුණුකාර ධුරයේ කොන්ත්‍රාත් කාලය අවසන් වීම සඳහා තවත් මාස 16 පමණ ඇතැයි  ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කරනවා. එම නිසා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් තම කොන්ත්‍රාත් කාලය අවසානයක් වනතුරු ඉවත්වීමට අදහසක් නැතැයි ඔහු පවසා සිටිනවා. ඒ අනුව ලග 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ද ඔහුගේ කොන්ත්‍රාත්තුව වලංගු බවටත් ඔහු ප්‍රකාශ කළා. 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවධානය යොමු කරමින්,  එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසින් බව දැනගන්නට ලැබෙනවා.

එම නිලධාරීන් හය දෙනාට කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනාම ඇතුළත්ව ඇති බව වැඩි දුරටත් සඳහන්.

ඩේව් වට්මෝර් කියන්නේ 1996 ක්‍රික‍ට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට උරුම කර දීමට මූලිකත්වය ගත් ප්‍රමුඛයා. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ඔහු ලබා දුන් මෙහෙවර අති විශිෂ්ඨයි. ලෝකකුසලානය හිමි විමෙන් පසු ඇති වූ ඇතැම් හේතුන් මත පසුව වට්මෝර් පුහුණුකරු තනතුරින් ඉවත්ව ශ්‍රී ලංකාව හැර ගියා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page