gossiplanka alexa ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහගේ සේවා කාලය දීර්ඝ කිරීමට හේතුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහගේ සේවා කාලය දීර්ඝ කිරීමට හේතුව

සුගිය ලෝක කුසලනයේ දී ශ්‍රී ලංකා පිළ පෙන්වූ අසාර්ථක භාවය නිසා සියළු පුහුණුකරුවන් ඉවත් කරන ලෙස හරින් ප්‍රන්නදු දන්වා තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් ඇති වන අපකීර්තිය පෙන්වා දීමත් සමග නවසීලන්ත තරඟය දක්වා පුහුණුකරුවන්ගේ කාලය දීර්ඝ කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

පසුගිය දා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.


ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වුනු පසුගිය තරඟාවලිය අවසන් වීමෙන් පසු සියළුම ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා.  

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ, වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ජෝන් ලුවිස් යන මහත්වරු කටයුතු කරනවා.

මීට අමතරව අසන්ත ද මෙල් ගේ සභාපතිත්වය යටතේ පවතින ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවෙ වෙනසක් සිදු කිරීමටද අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව සභාපති මෙල් සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන් තව දුරටත් තේරීම් කමිටු සාමාජික‍යන් ලෙස කටයුතු කරන අතර බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන් වෙනුවට නව සාමාජිකයන් තිදෙනෙක් පත් කර ගැනීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu