gossiplanka alexa සංවේගයට පත් ප්‍රවීන ගායන ශිල්පී කීර්ති පැස්කුවල් කුමාරිගේ පිහිටට එයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සංවේගයට පත් ප්‍රවීන ගායන ශිල්පී කීර්ති පැස්කුවල් කුමාරිගේ පිහිටට එයි


සමාජ මාධ්‍ය තුළ බොහෝ කලක පටන් ඉතාප්‍රසිද්ධියක් උසුලන කාන්තාවක් තමයි කුමාරි අක්කා කියන්නේ. තමන්ගේ ගායන හැකියාව ඉතා දුර්වල තත්ත්වයෙ තිබුණත් ඇය කෙසේ හෝ ගීත ගායනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරින ගීත ගායනා වීඩීයෝවන් බොහෝ දෙනා උපහාසයට ලක් කර ගෙන සිටිනවා. ඇය ඒ කිසිවෙකටත් නොසැලී තම ගායන කටයුතු දිගින් දිගටම කර ගෙන යනවා.

මෑතකදී ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේඋපන්දින උත්සවයටද ඇයට ආරාධනා ලැබුණා. ඇය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ තවතවත් කතා කරන්න පටන්ගත්තේ ඉන් පසුව. ඇය පිළිබඳව නාරද විජේසූරිය මහතා තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් දමා තිබුණා. 

''කුමාරි අක්කාගේ ඛේදවාචකය

මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයකි. වැගිරෙන දුගඳ ඕජස් රස බලන, මැස්සන් කැලක් බවට මහා ජනයා පත්ව සිටී.

කුවේට් හී කුමාරි අසරණ කාන්තාවකි. ජීවිත කාලයක් තිස්සේ ඇය විඳ ඇති කටෝර අත්දැකීම් විසින් මානසික පීඩනයකට ලක්ව සිටින්නියකි. ඇයට ගීත ගායනය කිරීමට නොහැකි වුවත් රිසි සේ හඬ නැගීමෙන් ඇගේ දුක නිවා ගනිමින් සිටියා ය. මිනිසුන් සමච්චලයට නගන ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් සේ වරදවා වටහා ගත් ඇය ඉන් ප්‍රමෝදයට පත්ව ඉවක් බවක් නැතිව කෑ ගසන්නට පටන් ගති.

ඇගේ නොසරුප් වදන් වලින් සහ මුග්ධ ප්‍රකාශ වලින් කුණු රසයක් ලැබූ ඇතැමෙක් ඇයව උසි ගන්වමින් විනෝදයක් ලබන්නට පටන් ගත්තා ය. ඒ සමගම සමාජයේ ඇතැම් දෙනෙකුගෙන් ඈ වෙත අනුකම්පාවක්ද හිමි විය. එය ඇයට මහඟු අස්වැසිල්ලක් විය. ජනප්‍රසිද්ධිය ඈ වෙත හිමිවනු දුටු බොහෝ අවධානය දිනා ගැනීමට කැමති පිරිස් ඈ දඩ මීමාකොට ගෙන ප්‍රචාරයක් ලබා ගැනීමට පෙළඹුණි.

දැන් ඇය සමාජයට විහිලු සපයන විකාර රූපී මෙවලමකි. ඇගේ ගීත අසා වින්දනයක් ලබන්නට නොහැකි හෙයින් බහුතරය විනෝදයක් ලබති. සුළු ගණනක් දී කුමාරි අක්කා ගෙන්වා පෙන්වා එයින් ආතල් ගැනීමට බොහෝ දෙනා පුරුදුව ඇත. සත්‍යයකි, නොබෝ දිනකින් ඇය මැතිවරණ වේදිකාවේ දැකිය හැකි වනු ඇත.

අම්බරු ඡන්ද දායකයන් වෙසෙන රටක ඔවුන් ගෙන්වා ගැනීමට තකතීරු දේශපාලකයින් ඈ භාවිත කිරීම තේරුම් ගත හැකිය. එහෙත් ඇතැම් කලාකරුවන් ඇගෙන් ආතල් ගැනීම පිළිකුල් සහගත ය.

පොඩි ඇවිස්සීමකින් අනතුරුව ඇගෙන් පිටවන ඉවක් බවක් නැති වදන් වලින් කුණු රසය ගලා යයි. සමාජය ඒ දෙස බලා සිටින්නේ ටික කාලයකි. අනතුරුව මේ අහිංසක ගැහැණිය නුදුරු දිනයක දී කෙසෙල් ලෙල්ලක් මෙන් විසි කර දැමෙනු ඇත.

මේ නූගත්, අසරණ ගැහැණියගෙන් ආතල් ගැනීම දැනුම් තේරුම් ඇති මිනිසුන් ලෙස දැන්වත් නැවැත්විය යුතුය. අතීතයේ ගම් වල, මානසික රෝගී ගැහැණුන් ගේ රෙදි කොණෙන් ඇද, ඔවුන් අවුස්සා කුණුහරප වැලක් අසා ගෙන විනෝද වූ නසරානි කොලු කුරුට්ටන්ගේ තත්වයට මුළු සමාජයම පත්ව සිටී.

Likes සහ Views මිනුම් දණ්ඩ ලෙස ගත් විට ඕනෑම කුණුගොඩක් සඳහා වටිනාකමක් ඇතිවේ. හරය හෝ ඉහළ රස වින්දනය තව දුරටත් නිර්නායකයන් බවට පත් නොවේ. මේ පහත් රුචිකත්වය ඕපපාතික නොවේ. කලකට පෙර රියැලිටි වැඩසටහනකට පැමිණි අසරණ මන්ද මානසික තරග කරුවන් අවුස්සා ඔවුන්ගෙන් පිටවන නොසරුප් කථා සමාජයට මුදා හළ බවත්, ඒවායේ කුණු රසය සමාජගත වූ බවත් අපට මතකය.

ඊළඟට කුවේට් හී දිළිඳු, පීඩිත කාන්තාවක් දුරකථනයෙන් කියන කුණුහරුප රස විඳීමට මේ සමාජයට හැකි විය. එවැනි දේ සොයමින් සමාජගත කරණ අන්දමේ අවජාතක මානසිකත්වයක් බෝවී යමින් පවතී.

මෙහෙම ගියහොත්, වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රූගතකරමින් මළ පහ කරන වේගය අනුව ජයග්‍රාහකයා තෝරන රියැලිටි තරඟ වැඩි ඈතක නොවේ!

ඔබේ දරුවන් හැදෙන වැඩෙන සමාජයේ යතාර්ථය බෙහෙවින් පිළිකුල් සහගත ය. අපේ සමාජය අනුගමනය කරන පුරුෂාර්ථ ලොව ම්ලේච්චම ශිෂ්ඨාචාරයක් ඇති ගෝත්‍රික සමාජයකටත් වඩා අන්ත පහත් තත්වයට පත් වී ඇත.

මේ ව්‍යසනයෙන් ජාතිය බේරා ගැනීමට දැඩි නීති රීති පද්ධතියක් සකසා සමාජය සහ මාධ්‍යය ආරක්ෂා කර ගත යුතු ය. විද්වතුන් ඉදිරියට පැමිණිය යුතු ය.

නාරද විජේසූරිය.
03. 08. 2019 ''

මෙම සටහන නෙත ගැ‍ටුණු ප්‍රවීන ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා කුමාරි මහත්මියගේ ගායන හැකියාවන් දියුණු කර ගැනීමට අත හිත දීමට කැමැත්ත පළ කරමින් මෙවන් සටහන් තබා තිබුණා. 

''කුමාරි පිළිබඳව නාරද විජේසූරිය මුහුනු පොතේ තැබූ යථාර්තවාදී සටහන කියවා මා ඉතා සංවේගයට පත්වීමි. 
ඇයගේ ගායනයන් මමද කාලයක සිට අසා ඇත්තෙමි. සමාජයේ විවිධ වූ ප්‍රතිචාරයන්ට ලක් වූයේ ඇයට ඇති ගී ගැයීමේ නොහැකියාව නිසා බව සියලු දෙනා දනී. 

සෘතියෙන් බැහැරව කිසිදු තාක්ෂන අවබෝධයක් නොමැතිව කටහඬ පාලනයකින් තොරව කිසිදු බියක් නැතිව ගායනා කිරීම තුලින් ඇය මේ තත්වයට පත්වූ අතර එම කරුණු නිසාම ඇය මෙතරම් ජනප්‍රිය වූ බවද අප කවුරුත් දන්නා කරුණකි. 

නමුත් මා ඇය පිලිබඳව වෙනත් කෝනයකින් බලන්නට උත්සාහ ගනිමි. කුමාරිට යම්කිසි ගායන හැකියාවක් නැතැයි අප කිසිවෙකුට තර්ක කල නොහැක. ඇයගේ ගායනයේ ඇති අඩුපාඩූ නිවැරදි කොට ඇය සැබෑ දක්ෂ ගායිකාවක් කිරීමට හැකිනම් එය ඇයට කරන සේවයක් වේද නොවේද යන්න මා නොදනිමි. 

සමහරවිට කුමාරිට අවශ්‍යව ඇත්තේ ඇයගේ සුපුරුදු ශෛලියටම ඉදිරියටත් ගායනා කරන්නට නම් අපට ඇයට උපදෙස් දීමට අයිතියක් නැත

නමුත් ඇයගේ දුර්වලකම් නිවැරදි කරගෙන නිවැරදි තාක්ෂනයට අනුව ගායනය දියුනුකර කිරීමට අවශ්‍යනම් ඇයට අවශ්‍ය ගුරුහරුකම් ලබාදී ඇය දක්ෂ ගායිකාවක් කිරීමේ වගකීම භාරගැනීමට මා කැමැත්තෙමි. 
එය 100%ක් කල හැකි බව මා තරයෙ විශ්වාස කරමී. 

මගේ අවබෝධයට අනුව කුමාරිට උසුලු විසුලු අපහාස උපහාස කල සැමට ඇයට දියහැකි හොඳම පිලිතුර නම් මෙය වනු ඇතැයි සිතමි.

ඇයට මගේ උදව් අවැසි නම් මගේ නියොජිතවරිය අමතන ලෙස දැනුම් දෙන්න. දු අංකය (077) 660 0232
ස්තූතියි.
කීර්ති පැස්කුවල්''

අධිෂ්ඨානයෙන් කටයුතු කරන කුමාරි මාහ්ත්මියට මෙම අවස්ථාව තම ගායන හැකියාව දියුණු කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් වන බව නොඅනුමානය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu